පසුගියදා පැයක පමණ කෙටි වර්ෂාපතනයකින් කොළඹ නගරය ක්ෂණිකව ජලයෙන් යටවීමට මූලික හේතුව වැසි ජල ප්‍රමාණය පමණක් නොව, නගරයේ කාණු පද්ධතිය තුළට අවිචාරවත් ලෙස බැහැර කර තිබූ පැරණි රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ කොටස් සහ විශාල කසළ මලු සිරවීම බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික වැඩසටහනේ කේන්ද්‍රීය කමිටු සාමාජිකයින් දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නාගරික ජලාපවහන මාර්ග අවහිර වන ආකාරයෙන් වගකීම් විරහිතව ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම නගරය ආපදාවට ලක්වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.
"පසුගිය සතියේ කොළඹ නගරය පැයක වර්ෂාවකින් ජලයෙන් යටවුණා. හැබැයි ඊට වැස්ස විතරක්ම නෙවෙයි හේතුව. සොයා බැලීමේදී පෙනී ගියේ නිවෙස්වල භාවිත කර ඉවතලන පරණ ටීවී, ශීතකරණ දොරවල් සහ කැලි කසළ මලු පිටින් ප්‍රධාන කාණුවල හිරවෙලා තිබුණු බවයි. නිසි පාරිසරික විනයක් ඇති සංස්කෘතික මිනිසුන් අපේ සමාජයේ හිටියා නම් මෙවැනි නින්දිත ක්‍රියා සිදුවන්නේ නෑ," යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.
නගර පිරිසිදු කිරීම සහ නඩත්තුව සඳහා රජය සහ පළාත් පාලන ආයතන කොතෙක් ප්‍රතිපාදන වෙන් කළ ද, මහජනතාව තුළ ආකල්පමය වෙනසක් සහ ස්වයං විනයක් ඇති නොවන තාක් මෙවැනි ගැටලු මුලිනුපුටා දැමිය නොහැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Colombo's Recent Flooding Attributed to Blocked Drainage Systems and Waste
Colombo was engulfed by flooding following a brief downpour recently, a situation that has been attributed not only to the volume of rain but also to substantial blockages in the city’s drainage system. A significant factor in this inundation includes outdated appliances—such as television sets and refrigeration units—along with heaps of refuse improperly removed from households, according to State Administration, Provincial Councils and Local Government Minister, Professor Chandana Abeyrathne.
During a special discussion aimed at updating members of the central committee associated with the government's 'Clean Sri Lanka' national program, the Minister underscored the crucial link between urban flooding and irresponsible waste disposal. He pointed out that the illegal dumping of dense waste has played a pivotal role in obstructing the waterways that are essential for effective drainage.
"Last week, Colombo witnessed flooding caused by just an hour of rainfall. However, the rain alone was not the sole culprit. An investigation revealed that old TVs, refrigeration doors, and piles of household waste were blocking the main drainage channels. If our society embraced proper environmental discipline, such disgraceful acts wouldn’t occur," the Minister emphasized.
Despite allocations made by the government and local authorities for the cleaning and maintenance of the city, he further asserted that without a fundamental change in public attitudes and a commitment to self-discipline, it will be impossible to resolve such persistent issues.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඒ කරල තියන දේවල් වැරදියි. නමුත් නගර සභාවෙන් කාණු සුදධ කරන්න, පරීක්ෂා කරන්න ඕනැ නැද්ද?
ReplyDelete