අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ආකාරයෙන් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට නියම කර තිබූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ස්ථිර කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද එම සිර දඬුවමෙන් සහ දඩ මුදලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම නිෂ්ප්‍රභ කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව, විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ මහත්මිය වහාම රක්ෂිත බන්ධනාගාර භාරයට ගැනීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නියමිත සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලෙසටද බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.
අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ වරදට රණසිංහ මුදියන්සේලාගේ ශිර්ෂා උදයන්ති හෙවත් ශෂී වීරවංශ නමැත්තියට එරෙහිව 2022 මැයි 27 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන ලදී. එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිර දඬුවමක්ද ඊට ඇතුළත් විය.
එම තීන්දුවට එරෙහිව ඇය විසින් කොළඹ මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ අතර, දීර්ඝ විභාගයකින් පසු 2026 ජූනි මස 11 වන දින තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා, මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව සම්පූර්ණයෙන්ම ස්ථිර කරමින් ඇයගේ අභියාචනය ප්‍රතික්ෂේප කළේය.
විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දැරූ සමයේදී ඔහුගේ බිරිඳ වෙනත් උපන් දිනයක් සහ වෙනස් ජාතික හැඳුනුම්පත් අංකයක් සඳහන් කරමින් මෙම රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය කූට ලෙස සකස් කරගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් 2015 වසරේදී විමර්ශන අරඹා ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
Supreme Court Upholds Two-Year Jail Sentence for Shashi Weerawansa in Passport Fraud Case
Shashi Weerawansa, the wife of former Minister Wimal Weerawansa, has had her two-year prison sentence confirmed by the Supreme Court for her role in obtaining a fraudulent state diplomatic passport through the presentation of false information. The ruling was issued today (October 18).
The Colombo Magistrate's Court had initially imposed the sentence alongside a fine of one million Sri Lankan rupees. Weerawansa appealed for her release, claiming her innocence, but this plea was dismissed by Attorney General Preethi Padman Surasena, who led the three-judge panel in the Supreme Court, establishing the verdict as definitive.
In a decisive move, the Supreme Court mandated that Weerawansa be immediately taken into custody to serve her sentence, instructing prison authorities to bring her before the Colombo Magistrate’s Court for the execution of the ruling.
Weerawansa was found guilty of retaining a state diplomatic passport by presenting false information and fraudulent documents. The Colombo Magistrate's Court sentenced her on May 27, 2022, due to these serious allegations, which included a two-year jail term and a fine. Failure to pay the fine would incur an additional six-month prison sentence.
Following this ruling, she filed an appeal with the Colombo High Court. However, after a rigorous examination, High Court Judge Manjula Thilakaratne upheld the lower court's verdict during the ruling delivered on June 11, 2026, effectively rejecting her appeal.
Investigations by the Criminal Investigation Department (CID) in 2015 revealed that during her husband's ministerial tenure, Weerawansa had fraudulently obtained a diplomatic passport by providing different birth dates and an altered national identification number.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බොහොම හොඳයි. එතකොට පර්ල් එක්ස්ප්‍රස් නැවේ වන්දි මුදල යට ගහපු එකට නඩුව අහන්නෙ කවදද?
ReplyDeleteහැබැයි විමල් වීරවංශ ආණ්ඩු පක්ෂයේ හිටියා නම් මොකද වෙන්නෙ කියලා පහේ පන්තියේ දරුවෙක් වුනත් දන්නවා.
ReplyDeleteසත්‍ය කවදා හෝ ජය ගනී.
ReplyDeleteසූරසේනයා පචකොටාගෙ පක්කාලි නඩුකාරයා..කොටා කියන හැමදේටම එහෙයි කියන කාලකන්නි නඩුකාරයෙක් කවදද සාධාරණ තීන්දුවක් දෙන්නෙ..ඒ වගේම මීළඟ රජයකින් මේ සක්කිලි සූරසේන කියන පල් හොර නඩුකාරයා අනිවාර්යයෙන් ඇතුලට දාන්න ඕනෙ කොටා එක්කම
ReplyDelete