මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඊයේ රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෙසේ වෙතත්, එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් නාරාහේන්පිට පිහිටි දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතුවලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් මහජනතාව වෙත සැපයෙන සියලුම සේවාවන් හෙට (සඳුදා) දිනයේදී කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
අක්‍රිය වූ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම් මේ වන විටත් පියවර ගනිමින් සිටී.
Department of Motor Traffic Confirms Cyber Attack on Official Website
The Department of Motor Traffic announced yesterday evening that its official website has fallen victim to a cyber attack.
Despite the incident, the department assured that normal operations at its headquarters in Narahenpita remained unaffected. There was no disruption to the essential services provided to the public, including the issuance of driving licenses.
All services offered by the Narahenpita headquarters will continue without interruption tomorrow (Monday), as reiterated by the Department of Motor Traffic.
Technical teams are currently working to restore the affected website to its previous state.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
