රටේ දැනට පවතින උද්ධමනය දිගු කාලයක් පවතින්නේ නැති බවත්, දැනට පවතින යුද්ධය නිසා තාවකාලිකව උද්ධමනය ඉහළ ගොස් ඇති බවත්, රටේ උද්ධමනයක් තිබියදී 2027 අයවැයෙන් රටේ ජනතාවට සහන රැසක් ලබා දී ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
සමන්ත විද්‍යාරත්න මහතා ඒ බැව් කියා සිටියේ, ලිදුල පොලිස් වසමට අයත් වෝල්ට්‍රීම් වතුයායේ 2015 වසරේ ගිනිගෙන විනාශ වූ වතු නිවාසවල පදිංචිව සිටි අවතැන්වූවන් වෙනුවෙන් එම වතුයායේ ආරක්ෂිත ඉඩමක නිවාස 24ක් ඉදි කිරිම් නිරික්ෂණය කිරිම සදහා (22) දින එම වතුයායට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා කියා සිටියේ, මීට ප්‍රථම රටේ උද්ධමනය මීටවඩා ඉහළ ගොස් තිබූ බවයි. රටේ ජනතාවට ජීවත්වීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී තිබූ බවත්, රටේ ඉන්ධන නොමැති වූයේ, විදුලිය විසන්ධි වුයේ, පොහොර ටික නැති වුයේ, ගෑස් පෝලිම්වල සිටිමට සිදු වූයේ හිටපු පාලකයින් රට කරපු අවස්ථාවේ බවයි.
අපි බලයට පැමිණීමෙන් පසු රටේ ආර්ථිකය ස්ථාවර තත්යටකට පත් කල බවත්, පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, මේ වෙනකොට මේ විපක්ෂයේ කට්ටිය කලබල වීමට හේතු තුනක් ඇති බවත්, ඉන් පළමුවැන්න ඔවුන්ගේ පාලන කාලයට වඩා වත්මන් රජයෙන් සහන වැඩියෙන් ලබා දෙන විට විපක්ෂයේ ආධාරකරුවන්ද තම පක්ෂය වටා එක් වන බවයි. දෙවනි කරුණ වන්නේ විපක්ෂය බලයේ සිටියදී පුරුදු කරගෙන සිටි මේ රටේ දුෂණය වංචාව, මත්ද්‍රව්‍ය ජාවාරම්, අල්ලස් ගැනීම්, පාතාලයට එරෙහිව කටයුතු කරනකොට ඔවුනට අමාරු බවයි.
තවද විපක්ෂය පාලන කාලයේදි භුක්තිවිදපු වරප්‍රසාද නොමැති වීම නිසා එම වරප්‍රසාද අහිමි කිරිමට අණපතත් ගෙන ඒම නිසා විපක්ෂයේ කණ්ඩායම් එක් මාතෘකාවක් පසුපස හබා ගොස් රටේ ජනතාවගේ අවධානය විපක්ෂයට හරවා ගැනීමේ උත්සහයක නිරතව ඇති බවයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සහ ඉන්දියානු රජයේ ආධාර යටතෙ රු.ලක්ෂ 32ක ප්‍රතිපාදන යටතේ පර්චස් 10ක ඉදි වන එක් නිවසක් වර්ග අඩි 550කින් සමන්විත වන අතර, එම සෑම නිවසකම නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, සනීපාරක්ෂිත පද්ධතියකින් සමන්විත වන අතර, එම සෑම නිවසකට පානීය ජලය සහ මංමාවත් වලින් සමන්විත වන අතර, එම නිවාසවලට විදුලිය පමණක් නිවසේ අයිතිකරු විසින් මුදල් ගෙවා ලබා ගත යුතුය.
විදුලි රැහැන් නිවාස ආසන්නයටම විදුලි බල මණ්ඩලය මගින් ලබා දී ඇත. මෙම නිවාස ඉදි කිරිම් කටයුතු වැවිලි මානව සම්පත්භාරය විසින් සිදු කර ඇත.
මෙම නිරික්ෂණ චාරිකාවට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මංජුල සුරවීර, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහ අමාත්‍යාංශයේ උසස් නිළධාරින් රැසක් සහභාගි වී සිටියහ.
Sri Lanka's Minister Assures Temporary Inflation Spike Amidst Ongoing Conflict
The current inflation levels in Sri Lanka are not expected to persist, as they have risen temporarily due to the ongoing conflict, according to Minister of Plantation and Community Infrastructure, Samantha Vidyaratne. He stated that despite the prevailing inflation, the government has managed to provide substantial relief to the population in the 2027 budget.
During his visit to the Waltrim estate in the Lidula police jurisdiction on the 22nd, where 24 homes are being constructed for displaced residents of plantation housing destroyed by fire in 2015, the minister shared his views with the media.
Vidyaratne further emphasized that inflation had reached even higher levels in the past, creating conditions where citizens struggled to sustain themselves. He attributed previous shortages of fuel, electricity outages, and fertilizer unavailable during the tenure of former rulers to the critical state of the economy.
Since assuming office, the present government has stabilized the economy, he asserted, adding that the opposition currently has three reasons for concern. Firstly, the current administration is delivering more relief to the public compared to their previous governance, which compels opposition supporters to regroup around their party. Secondly, issues of corruption, drug trafficking, and bribery familiar to the opposition during their rule pose challenges when addressing such crimes.
Additonally, the absence of privileges enjoyed during their rule and the potential for losing such benefits appears to unify the opposition's factions in an attempt to redirect public attention towards themselves.
The housing initiative, funded by 3.2 million rupees from the Ministry of Plantation and Community Infrastructure and the Indian government, consists of 550 square feet homes on 10 perch plots. Each house is equipped with two bedrooms, a kitchen, a living room, and sanitary systems, along with potable water and access routes. Electricity, however, must be obtained at the owner's expense.
The electricity supply has been facilitated by the local electricity board, with the human resources for these construction projects provided by the Plantation Ministry.
Attending this inspection tour were Education and Higher Education State Minister Madhura Senavirathna, Nuwara Eliya District Parliament Member Manjula Surawira, Nuwara Eliya District Secretary Thushari Thennakoon, along with several senior officials from the ministry.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මුන්ට පවට ඇති භය කෙසේ වෙතත් කිසිම ලජ්ජාවක් නෑ, මුන් ඇඳගෙන ඉන්න යට ඇඳුමේ ඉඳලා පරිහරණය කරන හැම දෙයක්ම, ගෑණිගේ සිට වැටුපෙන් පවුලේ හැමෝටම කන්න බොන්න දෙන්නේ රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි වලින් ජනතා රීරි මාංශ සූරා ගන්නා නානාවිධ බදු වලින් කියලා 🤮 මේ කාලකණ්නි, වැඩ බැරි, කල්ලතෝනි ආණ්ඩුව ජනතාවගේ රීරි මාංශ සූරාගෙන අසීමාන්තිකව රැස්කරගන්නා බදු මුදල් වලින් කියලා. තොපිට සාප වෙනවා ඔය කියන, කරන බොරු වල හැටියට 😡🤮🤮🤮
ReplyDelete