පසුගිය ආණ්ඩු මුදල් අච්චු ගසන බවට සහ විදෙස් ණය ලබා ගන්නා බවට චෝදනා කළ වත්මන් රජය, මුදල් අච්චු ගසන්නේත් නොමැති නම් සහ ණය ලබා ගන්නේත් නොමැති නම් උද්ධමනය ඉහළ යන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රශ්න කළේය.
අයවැය සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් කරුණානායක මහතා කරුණු රැසක් අනාවරණය කළේය.
පොලී අනුපාතය අයවැය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව විමසා සිටි ඒ මහතා, අයවැය සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළ යුතු බව පෙන්වා දුන්නේය.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව ද නිසි පුරෝකථන සිදු කරමින් සැලසුම්සහගතව කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද වගුවක් පවතින බවත්, තමන්ට එය ඉදිරිපත් කළ හැකි බවත් රවී කරුණානායක මහතා සඳහන් කළේය.
මේ අතර, විදුලි වාහන මෙරටට ගෙන්වීම ඉතා යහපත් ක්‍රියාවක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා බදු පනවමින් සිටින බවයි.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් ගැටලු පවතින බව පෙන්වා දුන් ඒ මහතා, රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය නොවන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ බව ද සිහිපත් කළේය.
තවද, මෙරට ඉන්ධන සහ ගෑස් මිල ගණන් වෙනත් රටවල් සමඟ සංසන්දනය කළ නොහැකි බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.
Concerns Raised on Inflation Amid Government's Economic Strategies
In a pointed inquiry, Member of Parliament Ravi Karunanayake criticized the current administration for its inability to manage fiscal discipline and secure foreign loans. During a media briefing focused on the national budget and prevailing economic conditions, he posed a critical question: if the government is neither reducing the budget deficit nor acquiring loans, how can inflation continue to rise?
Karunanayake elaborated on various aspects of economic management, stressing the need for clarity regarding budget allocations from the President. He emphasized that it is crucial for the government to define how funds will be allocated to the budget effectively.
He underscored the importance of the Central Bank conducting appropriate preemptive measures and operating in a well-planned manner. Mentioning a table presented by the Central Bank, he offered to provide this information for greater transparency.
On a separate note, Karunanayake praised the initiative of importing electric vehicles, describing it as a commendable step forward for the nation. In response to questions from reporters, he noted ongoing efforts to enhance state revenue through new taxation measures.
Pointing out issues related to the salaries of public sector workers, he recalled previous statements indicating that vehicles were not necessary for government institutions. Furthermore, he remarked that fuel and gas prices in Sri Lanka cannot be compared directly with those of other countries, indicating a complex economic situation that requires careful analysis.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
