කොළඹ නගරය ‘බඩේ බත් වගේ හදන බවට’ මැතිවරණයට පෙර ප්‍රතිඥා දෙමින් බලයට පත්වූ නගරාධිපතිනී ව්‍රායි කැලී බැල්තසාර් මහත්මිය, වැසි ජලයෙන් නගරය යටවීම හමුවේ තවදුරටත් නිදහසට කරුණු නොකියා ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත්, රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි නම් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන සුදත්ත තිලකසිරි මහතා ප්‍රකාශ කරයි.
සිය 'Talk with Sudaththa' යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ පාලන බලය ලබාගෙන වසරකුත් මාස හතරකට අධික කාලයක් ගතවී තිබියදීත්, වැසි තත්ත්වයකදී නගරය ජලයෙන් යටවීම පාලනය කිරීමට නිසි පියවර නොගැනීම නගර සභා පාලනාධිකාරියේ බරපතළ නොහැකියාවක් බවයි.
මැතිවරණයට පෙර නගරයේ ඇළ මාර්ග හා කාණු පද්ධති සියල්ල විධිමත් ලෙස සංවර්ධනය කරන බවට නගරාධිපතිනිය කළ ප්‍රකාශ සිහිපත් කළ සුදත්ත තිලකසිරි මහතා, නගරය ජලයෙන් යටවූ පසු ඩුබායි රාජ්‍යයේ ඇති වූ ගංවතුර සමඟ කොළඹ තත්ත්වය සැසඳීමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශ්ව උත්සාහ දැරීම මුළුමනින්ම වැරදි සහගත බව පැවසීය. ඩුබායි වැනි රටකට මිලිමීටර් 400 ඉක්මවූ අධික වර්ෂාවක් ලැබෙන්නේ ශතවර්ෂයකට පමණ වරක් වුවද, ශ්‍රී ලංකාවට සෑම වසරකම වාරකන් වැසි ලැබීම සාමාන්‍ය ස්වාභාවික තත්ත්වයක් බැවින් ඊට නිසි ලෙස මුහුණ දීම පාලකයන්ගේ වගකීමක් බව ඔහු කියා සිටියේය.
වසර 76ක් මුළුල්ලේ පැවති පාලකයන් සිදුකළ නාගරික සැලසුම් විනාශය සහ වැරදි නිවැරදි කිරීම උදෙසා ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් බව පෙන්වා දුන් ඒ මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට ගොඩනැගීම වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවන පසුබිමක, නගරාධිපතිනිය ඇතුළු වගකිවයුත්තන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙන් රජය අපහසුතාවට පත්වන බව අවධාරණය කළේය.
එබැවින් තවදුරටත් මාධ්‍ය හමුවේ නිදහසට කාරණා නොකියා, නගරයේ කාණු පද්ධති අවහිර වන අයුරින් ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් කිසිදු බියකින් තොරව කඩිනමින් කඩා ඉවත් කිරීමට නගර සභාව පියවර ගත යුතු බවත්, එසේ කිරීමට නොහැකි නම් ජනාධිපතිවරයා මැදිහත් වී වැඩ කළ හැකි නිසි නායකත්වයක් නගර සභාවට පත්කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
Colombo Mayor Under Fire for Flood Management Failures
The recent flooding in Colombo has ignited criticism directed at Mayor Rosy Senanayake, who pledged to uphold promises made during her election campaign. Sudath Thilakasiri, a well-known activist and actor, has emphasized the necessity for the mayor to address her commitments to the public, stating that if the municipal council fails to fulfill its responsibilities, resignation should be considered.
Speaking through his 'Talk with Sudaththa' YouTube channel, Thilakasiri highlighted the municipal council's significant failures in preventing the city from flooding despite having held power for over a year and four months under the National People's Power coalition. He emphasized that the absence of necessary measures during adverse weather conditions reflects a serious inadequacy in the council's management.
Thilakasiri recalled the mayor's earlier promises regarding the systematic development of drainage systems and canals in the city. In light of the recent downpour, he criticized attempts by some government factions to compare Colombo's flooding situation to heavy rainfall in Dubai, describing such comparisons as entirely misplaced. He noted that while Dubai experiences extreme rainfall exceeding 400 millimeters roughly once in a century, Sri Lanka regularly endures monsoon rains every year, making it imperative for local authorities to effectively tackle these challenges.
He pointed out that the public voted for the National People's Power in hopes of rectifying the destructive urban planning carried out by past leaders over the last 76 years. Highlighting President Anura Kumara Dissanayake’s relentless commitment to rebuilding the country, Thilakasiri warned that inefficiencies in the municipal council, including those of the mayor, jeopardize the government's efforts.
Thilakasiri further asserted that the municipal council must take immediate actions to demolish all unauthorized constructions that block essential drainage systems without hesitation. If the council cannot manage this effectively, he suggested that it is essential for the President to intervene and appoint capable leadership to the municipal council.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එනපොට හොඳනැති බව ඉවෙන් දැනිල, මූ හෙමීට අනික් පැත්ත හැරෙන්ඩ ඔය හදන්නෙ.
ReplyDelete