සිවුර ගැලැවූ ඥාණසාර හිමි යලි මහණ කරවන්න යයි..


 බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ධර්ම විනයානුකූලව යළි සිවුරු පෙරවීම සඳහා හැකි ඉක්මනින් සුදුසු දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

මේ අතර, උන්වහන්සේගේ චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් හා මාංචු සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් පෙන්වා දෙන්නේ, ඥානසාර හිමියන්ට යළි සිවුරු පෙරවීම බෞද්ධ ධර්ම විනයට අනුකූලව සිදුකළ යුත්තක් බවයි. 

ඒ සඳහා තමන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාව නියෝජනය කරන දස නමකින් යුත් මහා සංඝරත්නය බන්ධනාගාරය වෙත වැඩම කිරීමට සූදානමින් සිටින බැවින්, ඊට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් කඩිනමින් දිනයක් ලබාදෙන ලෙසත් උන්වහන්සේ ඉල්ලා ඇත.

අනෙක් අතට, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම බන්ධනාගාර පාලනාධිකාරියේ අභිමතය පරිදි පමණක් තනිව තීරණය කළ නොහැක්කක් බවත්, බන්ධනාගාර ආඥා පනතේ 156 (2) වගන්තිය ප්‍රකාරව සිරකරුවන්ගේ ඡායාරූප ගැනීම සහ ප්‍රසිද්ධ කිරීම තහනම් කර තිබියදී ඥානසාර හිමියන්ගේ ඡායාරූප ලබාගෙන ප්‍රසිද්ධ කිරීමට ඉඩහැරීම නීතිවිරෝධී බවත් පෙත්සමේ සඳහන් වේ.

එබැවින් ඥානසාර හිමියන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන හෝ අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවලදී උන්වහන්සේට චීවරය දැරීමට අවසර ලබාදෙන ලෙස බන්ධනාගාර පාලනාධිකාරියට නියෝගයක් නිකුත් කරන ලෙසත්, මෙම ක්‍රියාවලියේදී නිලධාරීන් නීතියට පටහැනිව ක්‍රියා කළේද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් එම පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද ඇත.





Calls for Immediate Provision of Proper Date for Buddhist Leader's Release from Prison

The venerable Galagoda Aththe Gnanasara Thera, General Secretary of the Bodhu Bala Sena organization, has received a formal request from the Chief Prelate of the Kotte Sri Kalyani Samagri Dharma Maha Sangha Sabha, the Most Venerable Ittepane Dhammalankara Thera, to expedite the setting of an appropriate date and time for his release in accordance with Buddhist disciplinary practices.

This appeal comes in light of allegations that his fundamental rights were violated when he was brought to court dressed in civilian clothing and a shawl, a move that has raised concerns regarding the respect and dignity afforded to him.

In an official communication directed to the General Prisons Commissioner, the Venerable Dhammalankara pointed out the necessity of adhering to Buddhist principles when considering the release of Gnanasara Thera. He highlighted that a senior council representing the Monastic Order, consisting of ten members, is prepared to engage with the prison authorities to facilitate this process swiftly, demanding that the required arrangements be made promptly.

Simultaneously, the petition surrounding the alleged violation of fundamental rights has named both the General Prisons Commissioner and the Commissioner General of Buddhist Affairs among those responsible for addressing the concerns raised.

It is emphasized in the petition that the removal of a monk's robe should not be a unilateral decision made solely by the prison authorities. The petition references section 156(2) of the Prisons Ordinance, which prohibits the photographing and public dissemination of images of inmates. It argues that the actions of collecting and publicizing Gnanasara Thera's images constitute a breach of this legislation.

The petition further requests that the prison authority allow Gnanasara Thera to wear his robe during transport or court appearances. It also calls for an investigation into whether the officers acted within the bounds of the law during these proceedings.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post