රට පුරා හොර වෛද්‍යවරුන් හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් සිටින බවට ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් අනාවරණය කරන්නේ නම්, එයට ඍජුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික වෛද්‍ය සේවා නියාමනය බිඳවැටීම වගකිවයුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
දැනට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වැටලීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් - MOH වෙත පැවරී ඇති අතර, මෙම වැටලීම් සඳහා සම්බන්ධ වීමට බලය පැවරී ඇති වෛද්‍යවරුන්ද තම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නොකරන තත්ත්වයක් යටතේ හොර වෛද්‍යවරුන්ගේ වෛද්‍ය මධ්‍යස්ථාන වැටලීම සම්බන්ධව ගැටලු ඉස්මතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන මෙන්ම පෞද්ගලික රෝහල්වල නියාමනය සම්බන්ධයෙන් මේ වන විට රෝගීන්ගෙන් දැඩි ලෙස විවේචන එල්ල වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධව දැඩි නිහඬ ප්රතිපපත්තියක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් බව ද ඔහු පෙන්වා දෙයි.
ප්‍රදේශයේ ුසුකම් රහිතව රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන පුද්ගලයන් කවුදැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් හොඳින්ම දන්නා බවත්, එවන් තත්ත්වයක් යටතේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ රජයේ පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන නියාමනය නිසි පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක නොවීම නිසා බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.
Surge in Illegal Medical Practitioners Raises Alarm in Sri Lanka
Approximately 40,000 illegal medical practitioners are allegedly operating across Sri Lanka, as revealed by experts in community health. They hold the Ministry of Health's regulation of private medical services primarily responsible for this alarming situation, according to Dr. Chamal Sanjeewa, the president of the association of medical professionals concerned with medical and civil rights.
Currently, the responsibility for cracking down on illegal private medical establishments has been entrusted to regional health directors and medical officers of health (MOH). However, issues have arisen due to the participation of doctors in these raids; many private medical facilities are allegedly operating without proper registration with the Ministry of Health.
Patients have raised serious concerns regarding the management of private medical institutions and hospitals. Dr. Sanjeewa expressed disappointment over the Ministry of Health's inadequate response, referring to the silence surrounding these critiques as troubling.
Health officials are well aware of who is providing unauthorized medical care in the region. Yet, they find themselves unable to act against such individuals due to the lack of effective regulatory oversight of private health facilities by the Ministry of Health, as stated by the medical expert.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
