නව අධිවේගී මාර්ග කිලෝමීටරයක වියදම තුන් ගුණයකින් ඉහළ දමාලා.. දැවැන්ත ඉදිකිරීම් මාෆියාවක්..


වත්මන් රජය ඉදිරි වසර හතර තුළ ඉදිකිරීමට සැලසුම් කර ඇති අධිවේගී මාර්ග කිලෝමීටර 83 ක කොටස සඳහා රුපියල් බිලියන 621 ක අධික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බවත්, එය මීට පෙර පැවති ඉදිකිරීම් වියදම් මෙන් තුන් ගුණයක අසාමාන්‍ය වැඩිවීමක් බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව අනාවරණය කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ පැයකින් නුවරට, දඹුල්ලට සහ රත්නපුරයට යා හැකි බවට ජනතාව තුළ මනෝරාජික බලාපොරොත්තු ඇති කරමින්, මහා පරිමාණ සමාගම් කිහිපයකට වාසි සැලසෙන පරිදි ටෙන්ඩර් පටිපාටිය සකස් කර ඇති බවට හෙතෙම මෙහිදී චෝදනා එල්ල කළේය.

මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත නව අධිවේගී මාර්ග ව්‍යාපෘති තුනෙහි ඇස්තමේන්තුගත වියදම් මෙසේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස (කි.මී. 20): රුපියල් බිලියන 127 කි (කොටස් 7 කින්).

රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටස (කි.මී. 25.8): මාර්ගය සඳහා බිලියන 189 ක් සහ කහතුඩුව අන්තර්හුවමාරුව සඳහා බිලියන 72 ක් ඇතුළුව රුපියල් බිලියන 261 කි.

කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටස (කි.මී. 37): රුපියල් බිලියන 233 කි (කොටස් 12 කින්).

මීට අමතරව, අඩක් නිමවා අතරමඟ නතරව තිබූ කඩවත - මීරිගම (කි.මී. 37) කොටසේ ඇස්තමේන්තුව රුපියල් බිලියන 146 සිට බිලියන 238 දක්වා ද, පොතුහැර - රඹුක්කන කොටස බිලියන 78 දක්වා ද සංශෝධනය කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.





Sri Lankan Government Allocates Rs. 621 Billion for New Expressway Developments

The Sri Lankan government has proposed an astronomical budget of Rs. 621 billion for an 83-kilometer section of its planned expressway construction over the next four years, a significant increase that tripled previous construction costs, revealed Patali Champika Ranawaka, leader of the United People's Freedom Alliance, during a press conference in Colombo.

Highlighting the government's ambitious infrastructure plans, Ranawaka expressed concerns regarding the transparent allocation of this massive budget, suggesting that it appears tailored to benefit several large companies, thus raising questions among the public about the true intentions behind these financial allocations.

According to data presented by the minister, the estimated costs for upcoming expressway projects are as follows:

The section of the Central Expressway from Rambukkana to Galagedara (20 km) has a projected cost of Rs. 127 billion, set to be divided into seven segments.

For the Ruwanpura Expressway, covering the stretch from Kahathuduwa to Ingiriya (25.8 km), the budget amounts to Rs. 261 billion. This figure includes Rs. 189 billion allocated for the road itself and Rs. 72 billion for the Kahathuduwa interchange.

The segment from Kurunegala to Galewela (37 km) carries an estimated cost of Rs. 233 billion, divided into twelve sections.

Additionally, the funding for projects previously halted midway has seen significant adjustments, with the estimate for the Kadawatha to Mirigama section (37 km) rising from Rs. 146 billion to Rs. 238 billion, and the Potuhera to Rambukkana segment now costing up to Rs. 78 billion, underscoring the shifting financial landscape in infrastructure development.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. දිට්වා සුලි කුණාටුව නිසා වහලෙන් ගැලවුණ එක ටකරන් තහඩුවකට රුපියල් 25000 දුන්නා. ඒ වගේ රුපියල් මිලියන 1000න් කරන්න පුලුවන් වැඩකට රුපියල් මිලියන 3000 ක් දෙන්නත් ජෙප්පන්ට පුලුවන් වෙන කාටවත් බෑ.

    ReplyDelete
Previous Post Next Post