නිල්දිය පොකුණ වහයි...


 රාවණාඇල්ල රක්ෂිත අභයභූමියේ අභ්‍යන්තර ගුහා සංකීර්ණයක් තුළ පිහිටි නිල්දිය පොකුණ තාවකාලිකව වසා දැමීමට වනජීවි නිලධාරින් දෙවන වරටත් කටයුතු කිරිමත් සමග වන ජීවි නිලධාරින් සහ නිල්දිය පොකුණ සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් අතර උණුසුම් කතා බහක් ඇතිවිය.

වනජීවි දෙපාර්තමේන්තුවේ වයඹ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රම්‍රඛ වනජීවී නිලධාරින් පිරිසක් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් පිරිසක් සමග පැමිණ ගුහා සංකීර්ණයට පිවිසීම තහනම් කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය

‘‘නිල්දිය පොකුණ’’ වන සත්ව හා වෘක්ෂලතා පනත යටතේ ගැසට් කර කොන්දේසි මාලාවක් පැනවීමට 2026 සැප්තැම්බර් 15 වැනිදින ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ පරිසර අමාත්‍ය දම්මික පටබැඳි විසිනි.

එහෙත් නිල්දිය පොකුණ සුරැකිමේ සංවිධනය පෙන්වා දෙන්නේ එම කොන්දේසි මාලාවට අනුව විශාල වශයෙන් මෙය නැරඹුම් ගාස්තුව ඉහළ දැමීම තුළ සංචාරකයන් පැමිණිම අඩුවී මෙම කර්මාන්තය පරිහානියට යන බවයි.

එමෙන්ම තම සාමාජික්තවයට ගෙවීම සඳහා කතිකා කළ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් පවතින අර්බුදය හමුවේ සංචාරක මග පෙන්වන්නන් ලෙස කටයුතු කළ 80 දෙනෙකු සහ ආපනශාල සහ ත්‍රිරෝද රථ රියදුරන් ලෙස රැකියා කරන පන්සීයකට අධික පිරිසක් දැඩි අසරණ වී ඇතැයිද එම සංවිධානය පෙන්වා දෙයි.

මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා සංචාරක නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහගේ මූලිකත්වයෙන් හා වනජීවි සහකාර අධ්‍යක්ෂවරයෙකු ප්‍රමුඛ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති සාකච්ඡාවද අසාර්ථක වූ බව එම සංවිධානය පවසයි.

පාලිත ආරියවංශ - බදුල්ල





Dispute Erupts Over Temporary Closure of Nil Diya Pokuna in Ravanagala Sanctuary

The tranquil surroundings of the Nil Diya Pokuna, located within the Ravanagala Wildlife Sanctuary, are currently in turmoil as wildlife officials have moved to temporarily close the site for the second time. This decision has sparked heated discussions among officials and members of the organization dedicated to the preservation of Nil Diya Pokuna.

The situation escalated when the Assistant Director of Wildlife from the Western Region led a team of wildlife officers, along with members from the police and special task force, to enforce the closure of the cave complex. The ban on access to the area has fueled rising tensions among the stakeholders, as many seek clarity on the motives behind such drastic measures.

In a significant move, the Ministry of Environment issued a gazette on September 15, 2026, establishing a set of conditions under the Fauna and Flora Protection Ordinance for the protection of Nil Diya Pokuna. Minister Dammika Pathirana issued this directive in response to ongoing concerns surrounding the site's conservation.

However, the preservation organization warns that the new regulations, which include increased visitation fees, may deter tourists. They argue that such an outcome poses a serious threat to the livelihood of many in the region who rely heavily on tourism.

Moreover, the organization highlights that the recently imposed fee for access is grossly inadequate, particularly in light of the current economic crisis. Around 80 local guides, as well as many restaurant and tuk-tuk drivers who depend on the influx of visitors, are reportedly facing severe hardship due to the decline in tourism.

In an effort to address these pressing issues, a meeting was convened recently at the Badulla District Secretariat, under the leadership of Tourism Minister Ruwan Ranasinghe, alongside senior wildlife officials. However, the organization asserts that the discussions proved unproductive, leaving crucial concerns unresolved.

— Paliitha Ariyawansha, Badulla



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post