නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටියි...


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයෙ කුඩාගම ප්‍රදේශයෙන් (09) දින පස්වරු 5:00ට පමණ මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇන හිටියි.

පස් කන්ද කඩා වැටීමත් සමග ඒ අසළින් ගමන් ගත් ත්‍රී රෝද රථයක්ද පස් කන්දට යට වී ඇති අතර, ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.

මේ අතර, හටැන් ඔය පිටාර ගැලීමෙන් හැටන් රොතැස් ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යට වී ඇත.

මාර්ගයේ ගමනා ගමන කටයුතු  පස්වරු 6:30 සිට යලි යථා තත්වයට පත් කර ඇත.

නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා, කොටගල යුධහමුදා කදවුරේ භට පිරිස්, හැටන් පොලිසියේ නිළධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් එක්ව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇත.

පවතින වර්ෂාවත් සමග එම මාර්ගයේත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් රථවාහන ධාවනය කිරිමේදි පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම මාර්ගවල රථාවාහන ධාවනයේදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර හැටන් ප්‍ර දේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග රොතස් ප්‍ර දේශයේ ගාල් කර තිබූ ලොරි රථයක් හැටන්ඔයේ ගසාගෙන ගොස් ඇත.

- රංජිත් රාජපක්ෂ





Heavy Landslide Disrupts Traffic on Hatton-Nuwara Eliya Main Road

A significant landslide occurred on the Hatton-Nuwara Eliya main road in the Kuda Gama area around 5:00 PM on the 9th, completely halting traffic in the vicinity.

The landslide also buried a three-wheeler that was traveling nearby; fortunately, no injuries were reported.

Additionally, several homes in the Rathnas area were inundated due to the overflow of the Hatton Oya river.

Traffic resumed normal operations at approximately 6:30 PM after prompt clearing efforts were undertaken.

The executive engineer from the Norwood Road Development Authority, along with military personnel from the Kotagala Army camp, local police officers, and workers from the Hatton-Dikoya Urban Council, coordinated to manage the traffic flow in the affected area.

Due to ongoing rain and the risk of further landslides on both the Hatton and Colombo main roads, Hatton police are advising drivers to exercise caution while operating vehicles on these routes.

Meanwhile, a truck that had been positioned precariously in the Rathnas area was swept away by the heavy rainfall.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post