පොලී අනුපාත ඉහල දමා මහ බැංකු අධිපතිගේ කතාවෙන් පසු කොටස් වෙලදපල විශාල කඩා වැටීමක...


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ඉහළ නැංවීමට ගත් තීරණයත්, ඉදිරි මාසයේදී උද්ධමනය සියයට 9 ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකු අධිපතිවරයා සිදු කළ අනතුරු ඇඟවීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු මිල දර්ශක අද (20) දිනයේ කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කළේය.

ඒ අනුව, දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 173.40 කින් (සියයට 0.80 කින්) පහත වැටී ඒකක 21,369.72 ක් ලෙස සටහන් විය. එමෙන්ම ප්‍රමුඛ පෙළේ සමාගම් නියෝජනය වන S&P SL20 දර්ශකය ද ඒකක 67.15 කින් (සියයට 1.09 කින්) පහත වැටී ඒකක 6,075.28 ක් දක්වා පහත බසින ලදී.

ගනුදෙනු 14,029 ක් මගින් කොටස් මිලියන 121.79 ක් හුවමාරු වූ අතර, දවසේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.33 ක් (රු. 2,330,402,119.05) ලෙස වාර්තා විය.

දේශීය සහ ගෝලීය ආර්ථිකයේ මතුව ඇති නවතම අවදානම් සැලකිල්ලට ගනිමින්, මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25 කින් (සියයට 0.25 කින්) සියයට 9.00 ක් දක්වා ඉහළ නැංවීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

මීට අනුබද්ධිතව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50 ක් දක්වා ද, ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 9.50 ක් දක්වා ද පිළිවෙළින් ඉහළ යනු ඇත.

මීට අමතරව, වාණිජ බැංකු විසින් මහ බැංකුවෙහි පවත්වාගත යුතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය (SRR) ද ප්‍රතිශත ලක්ෂ්‍ය 1 කින්, එනම් සියයට 3.00 ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇත. මෙම සංශෝධනය එළඹෙන දෙසැම්බර් මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වන සංචිත නඩත්තු කාලසීමාවේ සිට බලාත්මක වේ.

අද පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු ඇඟවූයේ, දීර්ඝ කාලීනව පවතින මැදපෙරදිග යුද ගැටුම් සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය මස සියයට 8.3 ක් වූ උද්ධමනය ලබන මස වන විට සියයට 9 ක් පමණ දක්වා ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවයි.

මෙම ප්‍රකාශයන් සහ පොලී අනුපාත ඉහළ නැංවීමත් සමඟ වෙළෙඳපොළ ද්‍රවශීලතාව සීමා වීම සහ ස්ථාවර ආදායම් උපයන සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර) වෙත ආයෝජකයින් යොමුවීමේ ප්‍රවණතාව කොටස් වෙළෙඳපොළෙහි මෙම පසුබෑමට සෘජුව හේතු වී ඇත.






Colombo Stock Market Declines Following Central Bank Rate Hike Announcement

In a significant move that sent ripples through the financial landscape, the Central Bank of Sri Lanka announced a policy interest rate increase and a warning about potential inflation rates rising to 9% in the upcoming months. This announcement coincided with a marked downturn in the Colombo Stock Exchange, reflecting growing investor concern.

By the end of trading on November 20, all share price indices (ASPI) on the Colombo Stock Exchange had fallen by 173.40 points, or 0.80%, closing at 21,369.72. Similarly, the S&P SL20 index, which represents leading companies on the exchange, decreased by 67.15 points, or 1.09%, settling at 6,075.28.

A total of 14,029 transactions resulted in the exchange of 121.79 million shares, with the day's total turnover reported at Rs. 2.33 billion (Rs. 2,330,402,119.05).

In light of the latest economic risks emerging on both domestic and global fronts, the Central Bank's Monetary Policy Committee decided to raise the policy interest rate by 25 basis points, bringing it to 9.00%. This decision is seen as a proactive measure to counteract inflationary pressures.

As part of this adjustment, the Statutory Reserve Facility Rate (SDFR) will rise to 8.50%, while the Standing Lending Facility Rate (SLFR) will increase to 9.50%. Additionally, commercial banks will now be required to maintain a statutory reserve ratio (SRR) of 3.00%, an increase of 1 percentage point effective December 9.

During a media briefing, Central Bank Governor Dr. Nandalal Weerasinghe underscored the significant risks posed by ongoing geopolitical conflicts and rising fuel prices, projecting that inflation, which recorded at 8.3% last month, is likely to reach around 9% by next month.

These statements, along with the hike in interest rates, have contributed to limited market liquidity. Investors have shown a tendency to shift towards fixed-income securities such as treasury bills and bonds, prompting a decline in the stock market.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post