මිරිස් කුඩු, කෑලි 2,200 පනී..


වෙළෙඳපොළේ මිරිස් කුඩු සහ කෑලි මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 2,200 ඉක්මවා ඉහළ ගොස් ඇත. වියළි මිරිස් කිලෝවක මිල ද ඒ් සමග  සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, වියළි මිරිස් මිල මෙලෙස ඉහළ යාම මිරිස් කුඩු සහ කෑලි මිරිස් මිල ගණන් වැඩිවීමට සෘජුව බලපා තිබේ.

ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,400ත් 1,600ත් අතර තොග මිලකට අලෙවි වන නමුත්, පිටකොටුව තොග වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 2,000 සීමාව ද ඉක්මවා ගොස් ඇත.

මෙම අර්බුදයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ තෙතමන ප්‍රතිශතය ප්‍රමිතියට වඩා ඉහළ මට්ටමක පැවතීම මුල් කරගනිමින්, ඉන්දියාවෙන් ආනයනය කරන ලද වියළි මිරිස් අඩංගු බහාලුම් 120ක් පමණ කොළඹ වරාය පරිශ්‍රයේ රඳවා තබා ගනිමින් නිදහස් නොකිරීමයි.

මෙම තත්ත්වය හමුවේ ඉන්දියාවේ මිරිස් අපනයනකරුවන්ගේ සංගමය විසින් නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාවට වියළි මිරිස් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ දෛනික වියළි මිරිස් පරිභෝජනයෙන් වැඩි ප්‍රතිශතයක් ඉන්දියානු ආනයන මත යැපෙන පසුබිමක, මෙලෙස මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ වරාය තුළ බහාලුම් සිරවී තිබීමත්, ඉන්දියාවෙන් සැපයුම් අත්හිටුවීමත් හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ දැඩි මිරිස් හිඟයක් නිර්මාණය වී ඇත. 






Spike in Chili Prices Predicted Amid Dried Chili Shortage

The retail price of dried chili powder and chili flakes has surged past Rs. 2,200 per kilogram, driven by rapidly rising costs. Similarly, prices for whole dried chilies have also seen a swift increase, impacting the market rates for their powdered and flaked counterparts.

Currently, the wholesale price for a kilogram of dried chilies ranges between Rs. 1,400 and Rs. 1,600 at major economic centers; however, in the Pettah wholesale market, prices have crossed the Rs. 2,000 mark.

A significant factor contributing to this crisis is the ongoing high humidity levels, which have halted the release of approximately 120 containers of dried chilies imported from India, currently held in the Colombo port area.

In response to this situation, the association of chili exporters in India has decided to completely suspend exports of dried chilies to Sri Lanka until further notice.

Given that a significant portion of Sri Lanka's daily dried chili consumption relies on imports from India, the prolonged holding of these containers at the port for nearly two months, alongside the suspension of supply from India, has led to a pronounced shortage in the local market.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post