වෙළෙඳපොළේ සිමෙන්ති කොට්ටයක මිල කිසිසේත්ම ඉහළ දමා නොමැති බවත්, සිමෙන්ති මිල වැඩි වී ඇති බවට පළවන ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.
සිමෙන්ති මිල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 2,400 ක් ලෙස සඳහන් වුවද, කිසිදු වෙළෙඳසලක සිමෙන්ති එම උපරිම මිලට අලෙවි නොවන බවයි.
සමාගම් විසින් ලබාදෙන විවිධ මිල වට්ටම් හේතුවෙන් වෙළෙඳපොළේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,700 සිට රුපියල් 1,850, 1,900, 2,000 සහ 2,100 වැනි විවිධ මිල ගණන් යටතේ සාමාන්‍ය පරිදි අලෙවි වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
සිමෙන්ති නිෂ්පාදන සමාගම් විසින් සිය අලෙවි නියෝජිතයන්ට ලබාදෙන විකුණුම් කොමිස් මුදලේ යම් අඩු කිරීමක් සිදුකර ඇත්නම්, එය අදාළ නියෝජිතයන් සහ සමාගම් අතර කතාබහ කර විසඳාගත යුතු අභ්‍යන්තර ගැටලුවක් මිස පාරිභෝගිකයා මත පැටවිය හැකි කරුණක් නොවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
රජය හෝ අදාළ සමාගම් විසින් සිමෙන්ති මිල වැඩි කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත්, මිල සංශෝධනයක් සිදුකර නොමැති බවත් පැවසූ ඒ මහතා, ජනතාව නොමඟ යවමින් පදනම් විරහිත අසත්‍ය ප්‍රචාර සමාජගත කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
Minister Denies Claims of Rising Cement Prices Amidst Market Speculation
In a strong rebuttal to rumors circulating in the market, Minister of Trade, Commerce, Food Security, and Consumer Affairs, Wasantha Samarasinghe, assured the public that the price of cement has not increased. He emphasized that all reports suggesting a rise in prices are entirely unfounded.
During a media briefing dedicated to discussing cement prices, the Minister clarified that although the maximum retail price for a bag of cement is set at Rs. 2,400, no retail outlet is currently selling cement at that price.
He elaborated that various promotional discounts offered by companies result in typical market prices ranging between Rs. 1,700 and Rs. 2,100. These prices reflect the competitive nature of sales rather than any imposed price hikes.
Addressing internal issues within companies, the Minister noted that if any reductions in sales commissions for distributors have occurred, these should be resolved through discussions between the parties involved and should not be passed on to consumers.
Furthermore, he confirmed that there have been no discussions or decisions made by the government or relevant companies regarding an increase in cement prices. He warned that certain groups are attempting to mislead the public by spreading baseless rumors that lack any factual foundation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
