කොළඹ කුණු එකතු කිරීම අඩාලයි..


කොළඹ මහ නගර සභාව සතු කසළ ප්‍රවාහන රථ වාහන සහ කම්කරු හිඟය මෙන්ම, ක්ෂේත්‍ර රාජකාරි සඳහා බඳවාගත් සනීපාරක්ෂක සේවකයින් කාර්යාලීය රාජකාරි සඳහා යොදවා තිබීම හේතුවෙන් කොළඹ නගර සීමාවේ කසළ බැහැර කිරීම සහ කානු පද්ධති නඩත්තුව බරපතළ ලෙස ඇනහිට ඇතැයි පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙම ගැටලුව පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරමින් සඳහන් කළේ, මෑතකදී කොළඹ නගරයේ ඇතිවූ ගංවතුර තත්ත්වයට විධිමත් ලෙස කසළ බැහැර නොකිරීම සහ කානු පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම සෘජුවම බලපෑ බවයි.

කොළඹ නාගරික බලප්‍රදේශයේ කසළ කළමනාකරණයට වගකිවයුතු දිස්ත්‍රික්ක තුනක පවතින බරපතළ වාහන සහ සේවක ඌනතාව පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී සංඛ්‍යාලේඛන සහිතව කරුණු ගෙනහැර දැක්වීය.

කොළඹ 10, 09 සහ 02 කසළ එකතු කිරීමට රථ වාහන 15ක් අවශ්‍ය වුව ද දැනට ධාවනය වන්නේ වාහන 7ක් පමණි. වාහන 8ක හිඟයක් පවතී.

කොළඹ 08 රථ වාහන 16ක අවශ්‍යතාවක් පැවතිය ද ක්‍රියාත්මක වන්නේ වාහන 8ක් පමණි. කිරුළපන අවශ්‍ය වාහන 16න් පවතින්නේ වාහන 8ක් පමණි.

ට්‍රැක්ටර්, ටිපර් ඇතුළු බර වාහන හිඟයට අමතරව, මෙම දිස්ත්‍රික්ක තුන තුළ පමණක් සනීපාරක්ෂක කම්කරුවන් 400කගේ පමණ හිඟයක් දීර්ඝ කාලයක සිට පවතින බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, මෙම රථ වාහන හිඟය කොළඹ මහ නගර සභාවට පමණක් නොව දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන රැසකට බලපා ඇති පොදු ගැටලුවක් බවයි.

පළාත් පාලන ආයතන සඳහා අවශ්‍ය වාහන 700ක් පමණ මිලදී ගැනීමට පියවර ගෙන ඇති අතර, ඉන් කොටසක් ලබන දෙසැම්බර් 04 වනදා බෙදාහැරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම 'Clean Sri Lanka' වැඩසටහන යටතේ කොම්පැක්ටර් කසළ රථ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, ඒවා ලැබුණු වහාම අදාළ පළාත් පාලන ආයතන වෙත ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.

සේවක හිඟය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පිළිගත්තේ, සනීපාරක්ෂක කටයුතු සඳහා බඳවාගත් ඇතැම් සේවකයින් පසුව කාර්යාලීය ලිපිකරු රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බවයි. 

වරක් කාර්යාල සේවයට යොමු වූ පසු ඔවුන් යළි සනීපාරක්ෂක ක්ෂේත්‍ර රාජකාරි සඳහා යාමට අකමැත්තක් දක්වන බව පෙන්වා දුන් මහාචාර්ය අබේරත්න මහතා, සියලු සේවකයින් මුල් පත්වීමේ වගකීම්වලට අනුකූලව අදාළ රාජකාරි සඳහා යෙදවීමට කඩිනමින් පියවර ගන්නා බව සහතික විය.

මේ අතර, 2027 අයවැය මඟින් අමතර දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ මහ නගර සභාවේ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් ඊයේ විරෝධතාවක ද නිරත වූහ.





Colombo's Waste Management Faces Severe Challenges Amid Staff Shortages

Significant disruptions in waste management and drainage maintenance within the Colombo Municipal Council have been revealed, attributed to a shortage of garbage collection vehicles and personnel. Additionally, sanitary workers assigned to field services have been redirected to office duties, exacerbating the issue.

Opposition MP Mujibur Rahuman brought attention to the pressing concerns within Parliament, indicating that the failure to properly manage waste collection has directly contributed to worsening flooding conditions in the city.

He highlighted statistical data regarding the heavy vehicles and workforce deficiencies critical for waste management across three districts that fall under the Colombo urban area’s jurisdiction. Currently, only seven out of the required fifteen vehicles are operational for waste collection in areas like Colombo 10, 09, and 02, leaving an eight-vehicle shortfall.

Moreover, Colombo 08 requires sixteen vehicles for effective waste collection, but only eight are in service, while similar inadequacies exist in Kirulapone, which also operates with eight vehicles instead of the needed sixteen.

In terms of manpower, there is a long-standing deficiency of approximately 400 sanitary workers across the three districts, in addition to the shortage of heavy vehicles, including tractors and tipper trucks, as emphasized by the MP.

In response, Minister of State Administration, Provincial Councils, and Local Government, Professor Chandana Abeyratne, acknowledged that the vehicle shortage is not an isolated issue affecting the Colombo Municipal Council but is a common challenge faced by many local governmental bodies across the country.

Measures are being taken to purchase around 700 vehicles required for local authorities, with a portion scheduled for distribution on December 4. Additionally, he mentioned ongoing efforts to acquire compact garbage collection vehicles under the 'Clean Sri Lanka' initiative, which will be allocated to the respective local authorities as soon as they arrive.

Addressing the staff shortage, Abeyratne noted that some workers hired for sanitation duties had been reassigned to clerical roles. He stated that once these employees enter office service, they express reluctance to return to sanitation roles, confirming his commitment to ensure that all staff are directed promptly to their original responsibilities.

Meanwhile, members of the professional associations within the Colombo Municipal Council engaged in protests yesterday, demanding additional allowances be provided in the 2027 budget.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. කුණු අදින්න ලොරි ටැක්ටර් ටික ගෙනාවාම මල්මාලා දාලා බෙර ගහගෙන පෙරහරේ වඩම්මපල්ල

    ReplyDelete
Previous Post Next Post