යාපනය, සෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදු කෙරෙන කැණීම් සහ විමර්ශන කටයුතු පූර්ණ අධිකරණ අධීක්ෂණය යටතේ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කෙරෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා දක්වා සිටියේ,
"සෙම්මනි සමූහ මිනීවළෙහි අදියර කිහිපයක් යටතේ සිදු කළ කැණීම්වලින් මේ වන විට දළ වශයෙන් පුද්ගලයින් 574 දෙනෙකුගේ අස්ථි කොටස් සොයාගෙන තිබේ.
මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මෙහෙයවීමෙන් සිදුවන මෙම කැණීම් කටයුතු යාපනය ගරු මහේස්ත්‍රාත්වරයා, පාර්ශ්වකරුවන් නියෝජනය කරන නීතිඥවරුන්, යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෛද්‍ය සෙල්ලයියා ප්‍රනවන් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) ඉදිරියේ අඛණ්ඩ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. තවද, 2025 අප්‍රේල් 29 වන දිනැති අධිකරණ අනුමැතියට අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) ද නිරීක්ෂකයෙකු ලෙස මීට සක්‍රීයව සම්බන්ධ වී සිටී.
මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඉදිරිපත් කර ඇත්තේ අස්ථි කොටස් වළ දමා ඇති පුරාවිද්‍යාත්මක සන්දර්භය පිළිබඳ අධිකරණ පුරාවිද්‍යාත්මක වාර්තාවක් (Forensic Archaeological Report) මිස අධිකරණ වෛද්‍ය වාර්තාවක් නොවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. මරණයට හේතුව සහ මරණය සිදු වූ ආකාරය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමේ කටයුතු මහේස්ත්‍රාත් නියෝග මත යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙල්ලයියා ප්‍රනවන් මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් දැනටමත් ආරම්භ කර ඇත.
මෙරට තුළ උසස් DNA විශ්ලේෂණ පහසුකම් නොමැති බැවින්, අධිකරණය විසින් නියෝග කරනු ලබන සුදුසු අවස්ථාවේදී මිනිස් අස්ථි කොටස් හඳුනා ගැනීම සහ DNA පරීක්ෂණ සඳහා සාම්පල විදේශගත කිරීමට සහ ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගැනීමට රජය සම්පූර්ණයෙන්ම විවෘතව සිටින බව අමාත්‍යවරයා තහවුරු කළේය.
අවසාන වශයෙන් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යවරයා, රජයේ එකම අරමුණ විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව සත්‍යය සොයා ගැනීම සහ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම බව අවධාරණය කළේය. ජාතිය, ආගම හෝ කුලය නොසලකා නීතියට අනුකූලව මෙම විමර්ශන අවසන් කරන බවත්, මෙම සංවේදී කරුණ දේශපාලනීකරණය නොකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Scientific Investigations into Semmanni Group Murders Under Court Supervision, Minister Says
In a significant statement in Parliament, Justice Minister Harshana Rajakaruna affirmed that the excavations and investigations related to the Semmanni group murders are being conducted under full judicial oversight, adhering to scientific methodologies. This information was shared in response to questions raised by MP Dr. Ramanathan Archunan under Standing Order 27(2).
Expounding further, the Minister noted that, up to now, approximately 574 individual bone fragments have been recovered from various phases of the excavations involving the Semmanni group. These efforts, directed by Professor Raj Somadeva, are carried out under the continuous supervision of the Jaffna Chief Magistrate, lawyers representing the interested parties, Jaffna Teaching Hospital's Judicial Medical Officer (JMO), Dr. Sellakiliya Pranavan, as well as officials from the Criminal Investigation Department (CID) and crime scene investigators (SOCO).
The Office on Missing Persons (OMP) has also been actively engaged as an observer in these proceedings, in accordance with the judicial authorization dated April 29, 2025. Clarifying the nature of the investigations, the Minister emphasized that the report submitted by Professor Raj Somadeva pertains to forensic archaeological findings, rather than a judicial medical report. The work of providing a judicial medical report on the cause and manner of death has already commenced by Dr. Pranavan and his team, as per Magistrate's orders.
Highlighting the limitations within the country concerning advanced DNA analysis facilities, the Minister assured that the government is fully open to sending human bone samples overseas for identification and DNA testing at appropriate instances mandated by the court. International technical assistance is also welcomed in these efforts.
Concluding his remarks, Minister Rajakaruna underscored the government's singular goal of uncovering the truth based on scientific evidence and ensuring justice for the victims. He insisted that the investigations will be completed in accordance with the law, disregarding any bias related to nationality, religion, or caste, and urged all parties to refrain from politicizing this sensitive issue.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔය චෙම්මනි මිනී වල යාපනේ සටන් කාලෙ එකක්. ඒ කාලෙ ජනාධිපති හා ආරක්ෂක ඇමති චන්ද්‍රිකා, නියෝජ්‍ය ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ. මහින්ද රාජපක්ෂ ධීවර ඇමති. වලෙන් මාලු කටු හොයාගෙන මහින්ද හිරේ දැම්ම හැකි.
ReplyDeleteමොන මහාචාර්යවරයා, මොන විශේෂඥයා මොනව කිව්වත් වැඩක් නෑ. කොටි ඩයස්පෝරාව කියන නම් ටික කියනකම් මේ පාහරයා පිලිගන්නෙ නෑ
ReplyDeleteමූ බැඳල ඉන්නෙ දෙමල ගෑනියෙක්. ගෑනි කියන විදිහට තමයි වැඩ.
Deleteනොදකින්! සිංහ කොඩියත් පැත්තකින් තියාගන මූ සිංහලයාටම කෙලින්නෙ.
ReplyDeleteනම් අමුතු සතෙක් 😡🤮 මානසික ලෙඩෙක් 🤮 තොගේ මහප්පා කියනවා වගේ "පකයෝ" අංගොඩ ගිහින් ලෙඩේට ප්‍රතිකාර ලබාගනින්. තොපි වගේ අපතයන්ට පාර්ලිමේන්තුව සුදුසු තැනක් නෙවෙයි.
ReplyDeleteතොපේ කූඨ සැලසුම් ක්‍රියාත්මක කරන්න ගිහින් බන්ධනාගාර කොමසාරිස් ප්‍රධාන වැරදි කාරයා උනා. තොපි හත්පොලේ ගාගෙන හැමදේම අනාගෙන අපේ රට, දැය, සමය හැම අතින්ම විනාශ මුඛයට ඇදගෙන යනවා 😡🤮 තව දුරටත් බොරුවෙන්ම ජය ගන්න උත්සාහ නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව් 😡
💯
Deleteමේ රාඡ් සෝමදේවයා නේද ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුන කථාවට පණ දුන්නේ.මූ බෝන් එගේන් කියා නේද කියන්නේ.පුරාවිද්‍යා නටබුන් බෞද්ධයන්ට රටට අනිසි ලෙස අර්ථකථනය කලා නේද.
ReplyDeleteපුද්ගලික මත වෙනයි. විද්‍යාත්මක තහවුරු කිරිම් වෙනයි.
Delete