ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ පොදු සේවාවන්හි පවතින බිඳවැටීම්වලට එරෙහිව ඉතාලියේ සේවකයන් සහ සිසුන් දහස් ගණනින් වීදි බැස විරෝධතාවල නිරත වීම හේතුවෙන් එරට දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇත.
මෙම දැවැන්ත විරෝධතා රැල්ල අගමැතිනී ජෝර්ජියා මෙලෝනිගේ (Giorgia Meloni) දක්ෂිණාංශික රජය කෙරෙහි ජනතාව තුළ පවතින දැඩි නොසතුට සහ අප්‍රසාදය ප්‍රදර්ශනය කෙරෙන ප්‍රබල සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි.
ඉතාලියේ විශාලතම වාමාංශික වෘත්තීය සමිතිය වන CGIL විසින් මෙම දීපව්‍යාප්ත මහා වැඩවර්ජනය කැඳවා තිබුණි. සීඝ්රයෙන් වර්ධනය වන ආර්ථික අසමානතාව, සැබෑ වැටුප් පහත වැටීම සහ අර්බුදයට ලක්ව ඇති දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට රජය අපොහොසත් වීම මෙම විරෝධතාවන්ට ප්‍රධාන හේතු ලෙස වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.
එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරගනිමින්, ආර්ථික වර්ධනය අඩාල වී උද්ධමනය ඉහළ යාමේ අවදානම හමුවේ මෙලෝනිගේ සභාග ආණ්ඩුව සිය 2027 අයවැය සකස් කිරීමට දැඩි වෙහෙසක් දරමින් සිටින පසුබිමක මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
මෑතකදී සිදු කරන ලද ජනමත විමසුම්වලට අනුව රජයේ ක්‍රියාකාරිත්වය අනුමත කර ඇත්තේ ඡන්දදායකයින්ගෙන් සියයට 34 ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් වන අතර, මැද-වාමාංශික විපක්ෂය වෙත මහජන ආකර්ෂණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවද වාර්තා වේ.
රෝම නගරය හරහා ඇදී ගිය දැවැන්ත විරෝධතා පාගමන අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ CGIL වෘත්තීය සමිති නායක මොරීසියෝ ලැන්ඩිනි ප්‍රකාශ කළේ, සාමාන්‍ය ජනතාව මුහුණ දෙන මූලිකම ගැටලුව වන්නේ එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි වීම බවයි.
රජය ඉදිරිපත් කිරීමට සූදානම් වන අයවැය මගින් ජනතා ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා නොදෙන බවත්, එය හුදෙක් මැතිවරණ ප්රචාරක අරමුණු වෙනුවෙන් සකස් කරන ලද ලියවිල්ලක් පමණක් බවත් හෙතෙම දැඩිව චෝදනා කළේය.
Mass Protests Erupt in Italy Against Rising Cost of Living and Government Failures
Thousands of workers and students took to the streets across Italy, disrupting daily activities, in response to the soaring cost of living and persistent breakdowns in public services. The wave of protests has emerged as a significant expression of public discontent toward the government led by Prime Minister Giorgia Meloni.
The widespread general strike was orchestrated by CGIL, Italy's largest trade union federation. Union leaders attribute the protests to the escalating economic inequality, declining real wages, and the government's failure to protect local industries from crises.
As the government gears up for the upcoming elections next year amid concerns about stunted economic growth and rising inflation, the ongoing strikes take on a unique significance against the backdrop of Meloni's administration's intense efforts to draft the 2027 budget.
Recent public opinion polls indicate that only about 34% of voters approve of the government's performance, highlighting a growing attraction toward the center-left opposition.
During the massive protest march through Rome, CGIL union leader Maurizio Landini emphasized that the fundamental issue facing citizens is their inability to cope with the challenges of daily life. He criticized the government's forthcoming budget for failing to address the genuine problems of the public, asserting that it merely serves as a tool for electoral propaganda.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හුණ්ඩුවේ ජනතාව ත් පාරට බසී, වැඩි ඇතක නොවෙ...
ReplyDelete