වාහන පර්මිට්, බදු සහන, දීමනා ඉල්ලා දොස්තරලා විරෝධතා කැදවයි...


ජනාධිපතිවරයා විසින් පසුගිය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2027 අයවැය යෝජනාවලිය මගින් වෛද්‍ය ප්‍රජාවගේ සියලු සාධාරණ ඉල්ලීම් මුළුමනින්ම නොසලකා හැරීමට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ලබන 23 වැනි සඳුදා දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හදිසි ශාඛා සමිති රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති අතර, එම පැය දෙකක කාලය තුළ රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවාවන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇතැයි එම සංගමය නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

සංගමයේ ලේකම් වෛද්‍ය යු.කේ.බී. වරකගොඩ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ, පසුගිය වසර දෙකක කාලය තුළ පමණක් මෙරට වෛද්‍යවරුන් තමන්ට නියමිත දීමනාවලින් සැලකිය යුතු කොටසක් කැප කරමින් රුපියල් ලක්ෂ 44,000කට (බිලියන 4.4කට) අධික මුදලක් රටට සහ රජයට ඉතිරි කර දී ඇති බවයි.

එලෙස දැඩි ආර්ථික පීඩනය හමුවේ නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීමට කැපවූ වෘත්තිකයන්ට මෙවර අයවැයෙන් සාධනීය සහනයක් අපේක්ෂා කළද, රජය දැක්වූ දැඩි නොසැලකිල්ල හමුවේ සමස්ත වෛද්‍ය ප්‍රජාව තුළ දැඩි අප්‍රසාදයක් හටගෙන ඇති බව නොවැම්බර් 19 වැනිදා රැස්වූ මධ්‍යම කාරක සභාවේදී තහවුරු වූ බවද එහි සඳහන් වේ.

නිදහස් සෞඛ්‍ය සේවයේ අනාගත පැවැත්ම සහතික කරනු වස් වහා ක්‍රියාත්මක කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට බලකර සිටින ප්‍රධාන ඉල්ලීම් පහ මෙසේය.

  • 2018 වසරේදී අනුමත කරන ලද සම්පූර්ණ DAT (ප්‍රවාහන හා සූදානම්ව සිටීමේ) දීමනාව වහා ලබාදීම.
  • DAT දීමනාව මෙන්ම අමතර රාජකාරි සහ නිවාඩු දින දීමනා මත පනවා ඇති අසාධාරණ බදු ඉවත් කිරීම.
  • පසුගිය වසර දෙක පුරා අත්හිටුවා තිබෙන අමතර රාජකාරි සහ නිවාඩු දින දීමනාවලින් තුනෙන් එකක (1/3) කොටස යළි ගෙවීමට පියවර ගැනීම.
  • සුදුසුකම් සපුරා ඇති සියලු වෛද්‍යවරුන් 22/99 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය යටතේ ප්‍රවාහන පහසුකම් සඳහා කඩිනමින් අන්තර්ග්‍රහණය කිරීම.
  • වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සහනදායී බදු පදනම යටතේ වාහන ආනයන බලපත්‍ර ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීම.

මෙම සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් එළඹෙන සතිය තුළ ජනාධිපතිවරයා සමඟ  සාකච්ඡාවක් අපේක්ෂා කරන බවත්, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් සංගමය පවසයි. 

රජය සාකච්ඡා මාර්ගයෙන් සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම්, ඉදිරි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමේ පූර්ණ බලය සංගමයේ විධායක සභාව වෙත පවරා තිබේ.





Doctors' Association to Intensify Protest Over Unsatisfied Budget Demands

The Government Medical Officers' Association has resolved to launch strong professional action in response to the government’s budget proposal for 2027, which they claim entirely disregards the legitimate demands of the medical community. This decision was made following the presentation of the budget in Parliament on November 12.

Starting at noon on the upcoming 23rd, all government hospitals across the island will hold emergency branch meetings from 12:00 PM to 2:00 PM. During this time, the association has assured that emergency treatment services will continue without disruption.

In a special press release signed by the association's secretary, Dr. U.K.B. Warakagoda, it was highlighted that over the past two years, doctors in the country have sacrificed a significant portion of their expected allowances, resulting in savings of over 44 million Rupees (approximately 4.4 billion) for the nation and the government.

Faced with severe economic pressures, medical professionals had anticipated reasonable relief in this budget, particularly for those committed to maintaining free healthcare services. However, the government’s apparent negligence has sparked significant discontent within the medical community, a sentiment further affirmed during a central committee meeting on November 19.

The association is pressing the government to act swiftly to ensure the future sustainability of free healthcare, articulating several key demands:

  • Immediate disbursement of the fully approved DAT (Transport and Readiness) allowance from 2018.
  • Removal of unfair taxes imposed on the DAT allowance and additional duty and vacation day allowances.
  • Reinstatement of one-third (1/3) of the extra duty and vacation day allowances suspended over the past two years.
  • Expedited inclusion of all qualified doctors under the 22/99 government administrative circular for transport facilities.
  • Reactivation of the vehicle import permit process to meet the transportation needs of doctors under a relief tax framework.

The association has expressed hope for discussions with the President regarding these just demands within the following week. They also plan to inform all parliamentarians and the public about the situation.

If the government fails to provide a satisfactory solution through dialogue, the association's executive board will have full authority to determine further rigorous professional actions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post