උවිදු එක්ක කතා කරන්න එපා..- ජවිපෙට තහනමක්..


 ජනතා විමුක්ති පෙරමුණ තුළ අතීතයේ සිට පැවත එන ප්‍රතිවිරුද්ධ මතධාරීන් සමඟ කතාබහ නොකිරීමේ සහ සාමූහිකව වර්ජනය කිරීමේ හෙවත් 'හවුලේ තරහවීමේ' අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍ර විරෝධී සංස්කෘතිය වත්මන් නායකත්වය යටතේ ද කිසිදු වෙනසකට ලක්ව නොමැති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා පවසයි.

තම  සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, තමන් දරන මතයට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන් සමඟ සාකච්ඡාවට පවා නොයා යුතු බවට පනවා ඇති අභ්‍යන්තර තහංචිය විශ්වවිද්‍යාල සමයේ පටන් එම පක්ෂය තුළ ක්‍රියාත්මක වූ බවයි.

එකල තමන් සමඟ සාකච්ඡාවට නොඑන ලෙස පාක්ෂිකයන්ට උපදෙස් දී තිබුණද, රහසිගතව පැමිණ තමන් සමඟ සාකච්ඡා කළ ශිෂ්‍ය නායකයන් පසුව පක්ෂය හැරගිය ආකාරය පිළිබඳ ලැයිස්තුවක් වුවද ඉදිරිපත් කළ හැකි බව හෙතෙම සඳහන් කරයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවද එම තත්ත්වය ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන මාධ්‍යවේදියා, තමන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවේචනය කිරීම හේතුවෙන් තමන් සමඟ කතා නොකරන ලෙස අනෙක් පාර්ශ්වයන්ට දැනුම් දී ඇති බව පවසයි.

එසේ වුවද, ඇතැම් අමාත්‍යවරුන් පවා විවිධ පුද්ගලයන් හරහා සහ වෙනත් දුරකථන මාර්ග ඔස්සේ රහසිගතව තමන් අමතමින්, තමන්ගෙන් අතීතයේදී සිදුවූ උදව් උපකාර සිහිපත් කරමින් පක්ෂයේ මෙම තහංචි හමුවේ අසරණව සිටින බව ප්‍රකාශ කරන බවද ඔහු අනාවරණය කරයි.






Crisis in JVP Leadership: A Culture of Silence and Division Persisting

Prominent journalist Uvindu Kurukulasuriya has voiced concerns over the ongoing culture of silence and collective withdrawal from dialogue among dissenting voices within the Janatha Vimukthi Peramuna (JVP). He emphasizes that this internal stance, perpetuated under the current leadership, remains unchanged from past practices.

In a pointed revelation on his social media account, Kurukulasuriya indicated that an internal belief exists within the party discouraging discussions with individuals who express contradicting opinions. This culture was reportedly rooted during the university era and has persisted unchecked.

Although party members were instructed to avoid engaging in conversations with dissenters, Kurukulasuriya claims he could compile a list of student leaders who secretly communicated with him before eventually abandoning the party.

He further highlights that even after the current government took power, this same climate of avoidance is evident. Notably, he disclosed that following his criticisms of President Anura Kumara Dissanayake, there have been indications from other factions advising against discussions with him.

Despite the prevailing silence, Kurukulasuriya points out that some ministers have reached out to him discreetly through various channels, reminiscing about past assistance he provided, thus revealing the vulnerability and isolation felt by many within the party amid the prevalent internal restrictions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. පිස්සු තද උනු පිස්සෙක්... අනේ අනේ මට අවදානය දෙන්න​...

    ReplyDelete
  2. yako thope news eka kiyawanna wenama welawak ganna on add tika ain kara ganna thope oya web design karana eka harakekda boooooooruwo

    ReplyDelete
Previous Post Next Post