අවාරයේ ශ‍්‍රී පාදයට එන්න වනජීවියෙන් ප‍්‍රවේශපත‍්‍ර දෙනවා..- ශ‍්‍රීපාද ස්ථානාධිපතිහිමි


 ශ්‍රීපාද අවාරයේදි ශ්‍රී පාදස්ථානය සංචාරය සදහා පැමිණෙන ඇතැම් දේශීය සංචාරකයන් ශ්‍රි පාද මාවතේ පරිසරයට සහ පොදු දේපල වලට දැඩි ලෙස හානි කරන බවත්, එම සංචාරකයන්ගෙන් වනජීවි දෙපාර්තමේන්තුව මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන නිසා ඒ පිලිබදව කිසිදු නීතිමය පියවරක් ගැනීමට නොහැකි වී ඇති බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, ආචාර්ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසීය.

උන් වහන්සේ ඒ බැව් කියා සිටියේ, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026-2027 වන්දනාවාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවක කාර්යාලයේ පැවති වි‍ශේෂ රැස්වීමේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ, නල්ලතන්නියේ බෞද්ධ මධ්‍යස්ථානය අසළ සිට රත්නපුර පලාබද්දර ශ්‍රී පාද තොරන දක්වා මාවත වනජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන බවත්, එම මාවත අයිනි මහජනතාවට බවයි.

ශ්‍රිපාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර එම මාවත අඩි 20 බැගින් දෙපසට තිබෙන සේ ගැසට් කරන ලෙස අවස්ථා කිහිපයදී පැවති රජයන්ගෙන් ඉල්ලා සිටියත්, එය මෙතෙක් ඉටු කිරිමට කිසිදු රජයක් සමත් වී නොමැති බවත්, මෙවර ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වීමට ප්‍රථම ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර එම මාවතද ශ්‍රී පාදස්ථාන මාවත ලෙස නම් කරන ලෙස එම රැස්වීමට සහභාගි වූ නුවරඑළිය සම්බන්ධීකරණ කමිටුවේ සභෘපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබූහ.

තවද, දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රීපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍ර දේශයේ විශාල නායයෑමක් සිදු වූ බවත්, එම නායයෑම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන් සමග සාකච්ඡා කර ආරක්ෂක අංශ යොදවා එම මාර්ගය යථා තත්වයට පත් කිරිමට පියවර ගත් බවත්, පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවෙන් යලිත් ඉදිකටු පහණ ප්‍ර දේශයෙන් මාර්ගයේ එවැනිම නායයෑමක් සිදු වී ඇති බවත්, එම මාර්ගයද යථා තත්වයට පත් කිරිම ජනාධිපතිතුමන් මැදිහත් වූ බවද ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් පැවසීය.

ශ්‍රී පාද වන්දනාවාරයේදි ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන ශ්‍රී පාද වන්දනාකරුවන්ට සහ උඩමළුවට නොමිලේ පානීය ජලය ලබා දීමට ජනාධිපතිවරයා මැදිහත් වි ඇති බව සතුටට කරුණක් බවත්, ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් මෙහිදි පැවසීය.

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම බඹර කූඩු විශාල වශයෙන් පවතින නිසා මෙවර වන්දනාවාරයට ප්‍රථම එම බඹර කූඩු ඉවත් කිරිමටත්, දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමෙන් විශාල ගල් සහ පස් පහළට විත් සීතගගුලේ තැම්පත් වී ඇති නිසා එම සීතගගුල වන්දනාකරුවන්ට ස්නානය කිරිමට සුදුසු ආකාරයෙන් සකස් කිරිමටත් මෙම රැස්වීමේදි තීරණය කරනු ලැබූවා.

මෙවර ශ්‍රී පාද වන්දනාවාරයේදි පරිසරය ආරක්ෂා කර ගනිමින් ශ්‍රීපාදස්ථානය පූජනීය ස්ථානයක් සේ සලකා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ලෙසයි ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ.

2026-2027 ශ්‍රීපාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (12/23) ආරම්භ කරන බවත්, ඒ අනුව ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ අවාරයෙ තැම්පත් කර ඇති සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ දෙසැම්බර් මස (21) දින පස්වරුවේ එලියට වඩම්මවා එසේ වැඩම්ම වූ ඇති සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ දෙසැම්බර් මස (22) දින පැල්මඩුල්ල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට බලංගොඩ, රත්නපුර පලාබද්දර රජ මාවත, කුරුවිට එරත්න, රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් යන මාර්ගය ඔස්සේ පෙරහැරවල් 04කින් ශ්‍රී පාද උඩ මළුව වෙත වඩම්මවා උදුවප් පොහෝදින (23) අලුයම ශ්‍රීපාද උඩ මළුවේ දී පුරාණ චාරිත්‍ර කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව 2026-2027 ගෞතම ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භ කරන බවයි.

මෙම රැස්විමට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, ශ්‍රී ලංකා යුධ හමුදා 114 බල සේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩියර් සාගර පෙරේරා, මස්කෙළිය සහ අඹගමුව ප්‍රාදේශීය සභාවල සභාපතිවරැන්, නිළධාරින් සහ රජ්‍ය සහ පෞද්ගලික අංශවල නිළධාරින් රැසත් සහභාගි විය.

රංජිත් රාජපක්ෂ





Concerns Raised Over Environmental Damage from Local Pilgrims at Sri Pada

The Chief Incumbent of Sri Pada, Dharmakirti Sri Tripitaka Acharya, expressed grave concerns regarding the damaging environmental impact caused by some local pilgrims during the 2026-2027 pilgrimage season. He pointed out that these visitors are significantly harming both the environment and public property along the Sri Pada pathways, largely due to the issuance of entry passes by the Department of Wildlife Conservation, which prevents any legal action from being taken against these activities.

During a special meeting held at the Nallathanniya Grama Sevaka office, under the leadership of District Secretary Thushari Tennakoon, officials from both the public and private sectors were briefed on the upcoming pilgrimage season. The Chief Incumbent emphasized that the pathway from the Ratnapura Palaabdara region leading to Sri Pada is not under the jurisdiction of the Department of Wildlife Conservation, clarifying that it belongs to the general public.

Despite multiple requests from various governments to gazette the Sri Pada area as a sacred space, which would require the pathway to be designated a public thoroughfare with appropriate measures in place, no administration has managed to implement this so far. At this meeting, the Chairman of the Nuwara Eliya Coordinating Committee and District Parliament Member, Manjula Surawiraarachchi, made a formal request for designation of the pathways before the end of the Sri Pada pilgrimage season.

Additionally, in light of recent damage caused by the Ditwa storm, efforts are underway to restore the main road conditions, with President Anura Kumara Dissanayake reportedly discussing the situation with security forces to take immediate action. The Chief Incumbent noted that extensive rainfall in recent days has also caused further road collapses in the area.

He highlighted positive developments, stating that during the pilgrimage season, the president had taken steps to provide free drinking water to pilgrims visiting Sri Pada and Upper Maduwella, an effort which was warmly welcomed.

The congregation decided to remove large bee hives located at several sites along the Nallathanniya to make way for pilgrims and agreed to ensure that the waterfalls and bathing pools are made safe and accessible for visitors, especially after the recent impacts from the Ditwa cyclone.

As part of the preparations for the pilgrimage, the Chief Incumbent urged attendees to regard Sri Pada as a sacred site and to contribute to the protection of the surrounding environment while visiting.

The 2026-2027 Sri Pada Pilgrimage season will officially commence on December 23, with plans for a ceremonial procession featuring significant artifacts and offerings from the Rajamaha Viharaya in Galpoththa. The procession will weave through various routes to culminate at Sri Pada, culminating in traditional ceremonies that precede the pilgrimage.

This meeting gathered a host of prominent figures, including regional secretaries and military officials from the 114 Infantry Brigade, alongside local council chairpersons from Maskeliya and Ambawewa, among others, to collaborate on the logistics and management of the pilgrimage.

Reported by Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post