අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ අමාත්‍යවරුන් දස දෙනෙකු මේ වන විට නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාද නිල නිවාසවල රැඳී සිටින බවත්, සියලුම මන්ත්‍රීවරුන් මාදිවෙල නිල නිවාසවල පදිංචිව සිටින බවත් පෙන්වා දුන් ඒ මහතා, ආණ්ඩුව පොරොන්දු වූ පරිවර්තනය පළමුව ඉටු කරන ලෙස ඉල්ලා සිටියේය.
කථානායකවරයාගේ කොට්ට මෙට්ට රැගෙන ගොස් සැඟවීමට හැකි නම් පාර්ලිමේන්තුව තුළ ඕනෑම අයෙකුට ඕනෑම අකටයුත්තක් සිදු කළ හැකි බවටද එහිදී චෝදනා කළ විජේසිරි මහතා, අතීතයේදී අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක සහ නලින්ද ජයතිස්ස යන මහත්වරුන් පාර්ලිමේන්තු කැන්ටිමේදී මලික් සමරවික්‍රම මහතා බත් හැන්දක් බෙදන තෙක් ආහාර ගැනීමට බලා සිටි යුගයක් තිබූ බවද සිහිපත් කළේය.
රටේ ජනතාව සැමදා රැවටිය නොහැකි බවත්, මන්ත්‍රීවරුන් 159 දෙනා ජනතාවට සිදු කළේ බොරුවක් බව දැන් අවබෝධ වී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ගල්අඟුරු වංචාවට සම්බන්ධ බව කියන අමාත්‍යවරයාට සහ කන්ටේනර් 323ක් මුදාහැරි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවී ඔවුන් නීතියට ඉහළින් සිටින බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
මහා භාණ්ඩාගාරය පිරී ඇති බව ප්‍රකාශ කළද ජනතාවට තුන් වේල ආහාර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවද ඔහු සඳහන් කළේය.
තවද, එක් නගරාධිපතිවරයෙකු තමන්ගේ බඩකට පුරවන ලෙස ප්‍රකාශ කිරීම අල්ලසක් නොවන්නේදැයි ප්‍රශ්න කළ චමින්ද විජේසිරි මහතා, වර්තමානයේ ජාතික ජන බලවේගයට එක් නීතියක්ද, විපක්ෂයට තවත් නීතියක්ද, ජනතාවට වෙනම නීතියක්ද වශයෙන් නීතිය ක්‍රියාත්මක වන බවට වැඩිදුරටත් චෝදනා කළේය.
Minister Reveals Discrepancy Over Official Residences for MPs
Amidst mounting allegations, Minister Chaminda Wijesiri exposed a troubling reality in Parliament: ten ministers who publicly claimed they would not occupy official residences are, in fact, residing in government-provided housing. This revelation came during a debate concerning the budget of the Ministry of Justice and National Integration.
He further highlighted that the Minister of Fisheries and Aquatic Resources, along with the Minister of Public Administration, are among those who continue to live in these residences, calling into question the government's commitment to its stated policies. Wijesiri urged for the promised transformations to be implemented promptly.
Drawing attention to a culture of impunity within the Parliament, he stated that if the Speaker’s security escort can be bypassed, anyone could exploit the system without consequence. He reminisced about former parliamentarians such as Anura Kumara Dissanayake, Bimal Ratnayake, and Nalinda Jayatissa, recalling a time when they had to wait for food while Malik Samarawickrama distributed rice packs within the chamber.
Addressing the public’s disillusionment, Wijesiri emphasized that the people are now aware of the false promises made by the 159 members of Parliament. He accused the Minister implicated in coal smuggling and those responsible for the release of 323 containers of being above the law, suggesting a troubling lack of accountability.
Although the government claims that the treasury is running out of funds, he pointed out that citizens are struggling to afford three meals a day. Wijesiri further challenged the ethics of a city mayor who allegedly suggested filling his own pockets, questioning if this behavior is not a form of theft.
He concluded by criticizing the inconsistent application of the law, implying that the ruling party operates under one set of rules while the opposition and citizens face another, leaving the public to suffer the consequences.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ජෙප්පන්ගේ ජනතාවාදී කතා වේදිකාවට විතරයි. උන් ඔක්කොමොටම වැඩිය ලොකු හොරු.
ReplyDeleteජෙප්පන්ගෙ මහාපරිමාන හොරකම් වහගන්ඩ පාවිච්චි කරන උපාය තමයි උන් යන යන තැන මහින්ද හොරා, මහින්ද හොරා කියකිය යනඑක.
ReplyDelete