නගරාධිපතිගෙන් ලේ පනින්න ගුටි කෑ තරුණයා අත්අඩංගුවට...


 ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ නගරාධිපති රින්සාඩ් අහමඩ් මහතා සහ මාර්ගය අසල පලතුරු වෙළෙඳාමේ නිරතව සිටි තරුණයෙකු අතර ඇති වූ ගැටුමකින් අනතුරුව, අදාළ තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් තරුණයා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තමාට සහ සිය වාහනයට පහර දුන් බවට නගරාධිපතිවරයාගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පහරකෑමට ලක් වූ බව කියන තරුණයාගේ ඥාතියෙකු විසින්ද මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

ඒ අනුව දෙපාර්ශ්වයේම පැමිණිලි මත පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

පුත්තලම - කොළඹ මාර්ගයේ තිල්අඩිය ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමත් සමඟ නගරාධිපතිවරයා සහ අදාළ තරුණයා අතර මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන ඇත.

මේ අතර, සිද්ධියට අදාළව සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝ දර්ශනවලට අනුව නගරාධිපතිවරයා සිය නිල රථය මාර්ගය අයිනට ගෙන තරුණයාගේ පහරක් එල්ල කරන ආකාරයත්, ඉන් තරුණයාගේ තොල් පැලී ලේ ගලන ආකාරයත් දැක්වේ. 

පහරදීමෙන් අනතුරුව කෝපයට පත් තරුණයා මාර්ගය අසල තිබූ ගලක් ගෙන නගරාධිපතිවරයා සිටි වාහනයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එම අවස්ථාවේදී නගරාධිපතිවරයා සිය රථය වේගයෙන් එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් තිබේ.





Traffic Altercation Leads to Police Action in Puttalam

A confrontation occurred between the Mayor of Puttalam, Rinsad Ahmad, and a young man engaged in fruit vending near the roadside. The incident has prompted law enforcement to take the young individual into custody.

Currently, the arrested youth is receiving treatment at the Puttalam Base Hospital, protected under police security.

The police acted upon a complaint from the Mayor, who reported that the youth had assaulted him and his vehicle. Additionally, a relative of the young man has also filed a complaint regarding the altercation.

As a result, police investigations are underway based on complaints from both parties involved.

The altercation reportedly arose from discussions regarding vending activities near the Thiladya area along the Puttalam-Colombo highway, escalating into a heated exchange between the Mayor and the young vendor.

Video footage that has surfaced on social media shows the Mayor's official vehicle rolling towards the roadside, where the young man allegedly strikes it, resulting in a visible injury to his lip.

Following the assault, an enraged young man retaliated by throwing a stone at the Mayor's vehicle parked nearby, leading the Mayor to swiftly depart the scene in his car.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post