ශ්‍රී ලංකාවේ රාජ්‍ය Cloud සහ AI හදන්න ඇමරිකාව එයි...


 ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින්, ස්වෛරී රාජ්‍ය ක්ලවුඩ් (Sovereign Government Cloud) සහ ජාතික පරිගණක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇමෙරිකානු රජය විසින් ලබාදීමට අපේක්ෂිත සහාය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙළ පිළිබඳ මූලික සාකච්ඡාවක් 2026 නොවැම්බර් 02 වැනි දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේදී, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ CyberCX Australia ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය  (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා, ශ්‍රී ලංකාවේ ස්වෛරී ක්ලවුඩ් සහ පරිගණක යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු රජය ලබාදීමට අපේක්ෂිත සහාය අගය කළ අතර, ජාතික කෘත්‍රිම බුද්ධි (AI) පරිගණක හැකියාවන් පුළුල් කිරීමේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම ආරක්ෂිත සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක සහ GovTech Sri Lanka සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, දත්ත මධ්‍යස්ථාන සඳහා ආයෝජකයන් සමඟ සිදුකර ඇති මූලික සාකච්ඡා සහ ශ්‍රී ලංකාවේ ස්වෛරී රාජ්‍ය ක්ලවුඩ් අවශ්‍යතා පිළිබඳව සිදුකෙරෙන ඇගයීම් පැහැදිලි කළ අතර GovTech Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී ෂෙවාන් ගුණතිලක මහතා සඳහන් කළේ, යෝජිත වැඩසටහනේ අවශ්‍යතා හඳුනාගැනීම සහ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සැලසුම් කිරීම සඳහා CyberCX සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නියෝජනය කරමින් ඉවාන් ෆවුලර් මහතා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇමෙරිකානු රජයේ සහාය ලබා දෙන බවත් යෝජිත ප්‍රදාන ආධාර වැඩසටහනේ ක්‍රියාත්මක කිරීමේ හවුල්කරු ලෙස CyberCX තෝරාගෙන ඇති බවත් සඳහන් කළේය.

 එමෙන්ම CyberCX ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් සලබෑන්ක් මහතා එම ආයතනයේ සයිබර් ආරක්ෂණ ඇගයීම්, පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථාන (SOC), සයිබර් ආරක්ෂණ පුහුණුව, මානව සම්පත් සංවර්ධනය සහ ක්ලවුඩ් පද්ධති සඳහා දෘඩාංග හා මෘදුකාංග ඒකාබද්ධ කිරීමේ හැකියාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය.

2026 නොවැම්බර් 02 සිට 05 දක්වා පැවැත්වීමට නියමිත පාර්ශ්වකරුවන්ගේ උපදේශන වැඩසටහන පිළිබඳව සහ ශ්‍රී ලංකා රජය, CyberCX සහ ඇමෙරිකානු රජය අතර ඒකාබද්ධව සිදුකරන මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල මත ඉදිරි මාස දෙක තුළ යෝජිත ප්‍රදාන ආධාර වැඩසටහන සඳහා ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ගැනිණ. 

මෙහිදී පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ (PDPA) අදාළ බලාත්මක කිරීමේ සහ දඩ විධිවිධාන  ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ සම්මුතීන්, ජාතික සයිබර් ආරක්ෂණ පසුබිම සහ Lanka Government Cloud (LGC) පද්ධතියේ වත්මන් තත්ත්වය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙන්ම, ජාතික මට්ටමේ AI පරිගණක ධාරිතාවක් ගොඩනැගීම සඳහා අවශ්‍යතා සහ ප්‍රමුඛ භාවිත අවස්ථා පිළිබඳව ද අවධානය යොමු විය. රාජ්‍ය ආයතන සඳහා පොදු AI යෙදුම්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනම ආවරණය වන භාෂා ආකෘති, දත්ත පදනම් කරගත් යෙදුම් සහ සෞඛ්‍ය හා කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා විශේෂිත AI විසඳුම් ඒ අතර වේ.

මෙම සාකච්ඡාවටශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නියෝජනය කරමින් ඉවාන් ෆවුලර් මහතා සහ ආර්ථික විශේෂඥ ජෝවිනී මචාඩෝ මහත්මිය ද, CyberCX Australia ආයතනය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් සලබෑන්ක් මහතා, ජාල හා යටිතල පහසුකම් විසඳුම් අධ්‍යක්ෂ නික් ජැකා මහතා, ක්ලවුඩ් ආරක්ෂණ ප්‍රධානී රස්නාල් යැප් මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ටෝබි මුවර් මහතා ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ GovTech Sri Lanka ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.





Discussions Underway for Strengthening Digital Infrastructure in Sri Lanka

Key discussions regarding the enhancement of Sri Lanka's digital transformation process were held on November 2, 2026, at the Ministry of Digital Economy. This initiative, which aims to establish a Sovereign Government Cloud and develop national computing infrastructure, is expected to receive support from the U.S. government. Representatives from the Ministry of Digital Economy, GovTech Sri Lanka, the U.S. Embassy in Sri Lanka, and CyberCX Australia participated in the deliberations.

During the meeting, Eranga Weeraratne, the Minister of Digital Economy, underscored the importance of the anticipated U.S. support in bolstering Sri Lanka’s sovereign cloud and computing facilities. He highlighted the strategic significance of expanding national artificial intelligence (AI) capabilities and stressed the necessity of building a secure and reliable digital infrastructure system.

Dr. Hans Wijayasuriya, Advisor to the President on Digital Economy and Chairman of GovTech Sri Lanka, clarified ongoing assessments regarding the needs for a sovereign government cloud and initial discussions with potential investors for data centers. Shevan Gunathilaka, CEO of GovTech Sri Lanka, reiterated the commitment to closely collaborate with CyberCX and relevant government agencies to identify requirements and design programs under the proposed initiative.

Representing the U.S. Embassy, Ivan Fowler confirmed the American government’s support for developing digital infrastructure in Sri Lanka and noted that CyberCX has been selected as a partner for implementing the proposed primary assistance program.

Alexander Salabanck, Executive Director of CyberCX, provided insights into various offerings of the institution, including cybersecurity assessments, 24/7 security operations centers (SOCs), cyber training, human resource development, and the integration capabilities of hardware and software for cloud systems.

Attention was also directed towards the advisory program scheduled from November 2 to 5, with outcomes from this collaborative effort among the Sri Lankan government, CyberCX, and the U.S. government to shape the implementation plan for the proposed primary assistance program over the next two months.

Discussions encompassed critical aspects of enforcing the Personal Data Protection Act (PDPA), the status of international cybersecurity agreements, the national cybersecurity landscape, and the current state and future developmental activities of the Lanka Government Cloud (LGC) system. Further insights were provided on requirements and priority use cases for developing national AI computing capabilities, which include common AI applications for public institutions and language models covering Sinhala, Tamil, and English, as well as data-driven applications and specific AI solutions for sectors like healthcare and agriculture.

This impactful discussion also featured contributions from key officials representing CyberCX Australia, including Executive Director Alexander Salabanck, Director of Network and Infrastructure Solutions Nick Jacka, Cloud Security Lead Rasnal Yap, and Senior Manager Toby Muir, alongside various officials from the Ministry of Digital Economy and GovTech Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. .🩸🩸🩸🩸 මිනීමරු ගල්කටස් පච රෑල විහිලුවක්...🩸🩸🩸🩸..මුන්ම නේද ඈමරිකාව ඉන්දියාව හතුරන් කිව්වේ ....????🩸🩸🩸🩸

    ReplyDelete
  2. වැඩ බැරි, දෙලොවටම නැති, අඩු කුලේ කාලකණ්නි සෙට් එකක් බලයට ගෙනත් නව යටත්විජිතවාදය ජය අගේට කරගෙන යනවා ලෝකයේ මහා ත්‍රස්තවාදියා හා උන්ගේ හිවල් රැළ 😡🤮 දෙලොවටම නැති
    නූතන එළාරයා, ඩබල් පොකට්, අඩු කුලේ ත්‍රස්තවාදී, දේශ ද්‍රෝහී, වැඩ බැරි, කයියනායක, රොඩී ජෙප්පා ප්‍රමුඛ වහන්තරා මාලිමා ආණ්ඩුව ජනතාවට වසන්කර අත්සන් කරන ලද ජාත්‍යන්තර ගිවිසුම් ප්‍රමාණය කොපමණද? තවත් තොපිව විශ්වාස කරන්නේ කොහොමද? කල්ලතෝනි තොපි
    ටිං ටිං හාලියා ඇතුළු ත්‍රස්තවාදී ජෙප්පන් ගේත්, දේශ ද්‍රෝහී, ශාසන විරෝධී කල්ලි වල කූඨ උපක්‍රම තවදුරටත් ක්‍රියාත්මක කරන්න අපේ උතුම් බුද්ධ භූමියේ ඉඩ ලබානොදිය යුතුය. මුන් මේ සෙල්ලම් කරන්නේ රටේ, ජාතියේ අති සංවේදී අංශ ජාත්‍යන්තර ත්‍රස්තවාදී, නව යටත්විජිත වාදීන්ට පාවා දෙමිනි 😡😡😡 මුන්ට වැඩ බැරි බව පිලි අරගෙන, රට, දැය, සමය තවදුරටත් අගාධය කරා ගෙනියන්නේ නැතුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයක් කැඳවපියව් කිව්වාට මුන් ඒවා නෑසුන ගානට උන්ගේ කූඨ සැලසුම් ක්‍රියාත්මක කරගෙන යනවා 😡🤮 දෙලොවටම නැති මේ කාලකණ්නි සෙට් එක අපේ බදු මුදලින් නඩත්තු වෙමින් රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමා තිබියදීත් අපේ ඉවසීම මුන් නිවට කමක් ලෙසින් ගෙන තව තවත් මර්ධනය ක්‍රියාත්මක කරමින් අපේ රට, දැය, සමය වනසනවා නම් අපිත් මෙතැන් සිට උන්ට උන්ගේ භාෂාවෙන් පිලිතුරු දෙමු! 😡💪 "සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමු"!

    ReplyDelete
    Replies
    1. සම්පූර්න ඈත්ත......දිගටම ඈත්ත කතා කරමු මේ පච රෑල පන්න පන්නා

      Delete
Previous Post Next Post