විද්‍යුත් වාහන නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන ටෙස්ලා ආයතනය, වෙළෙඳපොළ තුළ දැඩි කතාබහට ලක්වූ සිය අනාගතවාදී Cybertruck පිකප් රථ නිෂ්පාදනය ලබන වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව Financial Times වාර්තා කරයි.
වෙළෙඳපොළ තුළ සයිබර්ට්‍රක් රථ සඳහා පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් පහත වැටීම, තාක්ෂණික හා ආරක්ෂක දෝෂ හේතුවෙන් අවස්ථා කිහිපයකදීම රථ නැවත කැඳවීමට සිදුවීම සහ සමාගමේ ප්‍රධානී ඊලෝන් මස්ක් සිය ප්‍රමුඛතාව කෘත්‍රිම බුද්ධිය හා රොබෝ තාක්ෂණය දෙසට යොමු කිරීම මෙම හදිසි තීරණයට හේතු වී තිබේ.
ටෙක්සාස්හි පිහිටි ටෙස්ලා දැවැන්ත කර්මාන්තශාලාවේ සිදුවන සයිබර්ට්‍රක් නිෂ්පාදනය ලබන වසර මැදදී ක්‍රමයෙන් අවසන් කරන බව මස්ක් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර ඇත. ඒ වෙනුවට සමාගම පූර්ණ අවධානය යොමු කරන්නේ රියදුරන් රහිතව ස්වයංක්‍රීයව ධාවනය වන Cybercab කුලී රථ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහාය.
සයිබර්ට්‍රක් ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු වෙස් මොරිල් සඳහන් කර ඇත්තේ සයිබර්ට්‍රක් යනු සුවිශේෂී තාක්ෂණික පදනමක් වූ බවත්, එම තාක්ෂණය ඉදිරියේදී සයිබර්කැබ් රථ හරහා ජීවමාන වන බවත්ය. කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය වෙත ආයෝජන යොමු කිරීමේ පියවරක් ලෙස ටෙස්ලා සමාගම සිය ප්රමුඛ පෙළේ 'Model S' සහ 'Model X' රථ නිෂ්පාදනයද මේ වසර තුළදී නතර කිරීමට පියවර ගත්තේය.
2019 වසරේදී මහත් ආන්දෝලනාත්මක ලෙස එළිදක්වා 2023 දී පාරිභෝගිකයන් වෙත නිකුත් කළ සයිබර්ට්‍රක් රථය, ඊලෝන් මස්ක් විසින් හඳුන්වා දෙනු ලැබුවේ සාමාන්‍ය පිකප් රථයක් ඉක්මවා ගිය "අනාගත යුද ටැංකියක්" සහ වෙළෙඳපොළේ ඇති ශක්තිමත්ම රථය ලෙසිනි. වසරකට මෙවැනි රථ 250,000ත් 500,000ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම ඔහුගේ මුල් ඉලක්කය විය.
කෙසේ වෙතත්, එය මස්ක්ගේ නිෂ්පාදන ඉතිහාසයේ දැවැන්තම අසාර්ථකත්වයක් (flop) බවට පත්ව ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෝටර් රථ පර්යේෂණ ආයතනයක් වන 'Cox Automotive' ආයතනයේ ඇස්තමේන්තුවලට අනුව, මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ටෙස්ලා සමාගමට අලෙවි කිරීමට හැකිව ඇත්තේ සයිබර්ට්‍රක් 11,586ක් පමණි. එය පෙර වසරට සාපේක්ෂව සියයට 28ක පහත වැටීමක් වන අතර, සමස්ත ඇමෙරිකානු විදුලි වාහන වෙළෙඳපොළෙන් සයිබර්ට්‍රක් සතු වන්නේ සියයට 1.6ක සොච්චම් කොටසක් පමණි.
සාමාන්‍ය පාරිභෝගික ඉල්ලුම පහත වැටීම හේතුවෙන්, මස්ක්ට අයත් අනෙක් සමාගම වන 'SpaceX' ආයතනය සයිබර්ට්‍රක් රථ විශාල වශයෙන් මිලදී ගත් ප්‍රධාන ගැණුම්කරුවකු බවට පත් විය. මේ වන විට ටෙස්ලා සහ SpaceX සමාගම් ඒකාබද්ධ කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් පිළිබඳවද සාකච්ඡා කෙරෙමින් පවතී.
සයිබර්ට්‍රක් නිෂ්පාදනය අත්හිටුවුවද ටෙස්ලා සමාගම වාණිජ ට්‍රක් රථ වෙළෙඳපොළෙන් මුළුමනින්ම ඉවත් නොවේ. මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ, ඩීසල් ට්‍රක් රථ වෙනුවට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන Semi Truck බර වාහන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී සමාගම ආරම්භ කළේය.
චීන විද්‍යුත් වාහන නිෂ්පාදකයන්ගෙන් එල්ල වන දැඩි තරගකාරීත්වය හමුවේ ටෙස්ලා සමාගමේ සාම්ප්‍රදායික විදුලි මෝටර් රථ ව්‍යාපාරය දැඩි පීඩනයකට ලක්ව ඇති පසුබිමක, සමාගම ඉදිරියේදී Optimus මානවරූපී රොබෝවරුන්, 'ටෙස්ලා සෙමී' ට්‍රක් රථ සහ 2026 අවසන් වන විට පාරිභෝගිකයින් අතට පත් කිරීමට සැලසුම් කර ඇති 'සයිබර්කැබ්' රථ නිෂ්පාදනය කෙරෙහි සිය මූලික අවධානය යොමු කරන බව මස්ක් පවසා ඇත.
මේ අතර, ඇමෙරිකානු මැදවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය ලැබූ දැවැන්ත පරාජයත් සමඟ ටෙක්සාස් කේන්ද්‍ර කරගත් ටෙස්ලා සමාගමේ කොටස් අගය සියයට 15කින් පහත වැටී තිබේ. කෘත්‍රිම බුද්ධිය සහ දැවැන්ත තාක්ෂණික සමාගම්වල සීඝ්‍ර වර්ධනය පිළිබඳව ඡන්දදායකයන් තුළ පවතින බිය මෙම ඡන්ද ප්‍රතිඵලයට හේතු වී ඇති බව විචාරකයෝ පවසති.
ඊලෝන් මස්ක් විසින් ඩොලර් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සහ ආණ්ඩුකාර අපේක්ෂකයන්ට ප්‍රබල මූල්‍ය සහයෝගයක් ලබා දුන්නද, දශක ගණනාවකට පසු එම තනතුරු දෙකෙහිම බලය ඩිමොක්රටික් පක්ෂය විසින් අත්පත් කර ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
Tesla Halts Production of Cybertruck Amid Demand Decline and Strategic Shift
Tesla, a leader in the electric vehicle market, has decided to suspend its much-debated Cybertruck production by mid-2024, as reported by the Financial Times. The move comes in response to a significant drop in demand for the Cybertruck amid several recalls linked to technical and safety defects.
CEO Elon Musk confirmed via a tweet that production at Tesla’s giant factory in Texas would wind down by mid-next year. The company intends to refocus its efforts on developing the driverless Cybercab rental service, indicating a shift in priorities toward artificial intelligence and robotics.
According to Wes Moril, the chief engineer of the Cybertruck project, this vehicle was built on a unique technological foundation. He noted that the technology would evolve through the Cybercab, emphasizing a future where autonomous driving becomes predominant. Further aligning with its shift, Tesla has also decided to cease production of its flagship 'Model S' and 'Model X' vehicles this year as part of a broader investment in AI and robotics.
The Cybertruck, initially introduced by Musk in 2019 as a "future war tank" and a groundbreaking entry into the market, has faced criticism and is now considered one of his most significant production failures. Data from automotive research firm Cox Automotive reveals that between January and September this year, Tesla managed to sell only about 11,586 Cybertrucks, marking a staggering 28% drop from the previous year, which now gives the Cybertruck a mere 1.6% share of the entire U.S. electric vehicle market.
The declining demand has prompted SpaceX, Musk’s other company, to become a major purchaser of the Cybertruck, showcasing an evolving relationship between the two firms as they discuss potential integration efforts.
Despite halting Cybertruck production, Tesla will not entirely exit the commercial truck market. With fuel prices soaring due to geopolitical tensions, the company has initiated large-scale production of its electric Semi Truck, which began in April.
Facing intense competition from Chinese electric vehicle manufacturers, Tesla’s conventional electric vehicle business is under substantial pressure. Moving forward, Musk has stated that the company will concentrate on producing Optimus humanoid robots, the Tesla Semi truck, and the upcoming Cybercab aimed for consumer release by 2026.
Meanwhile, following a significant defeat for the Republican Party in the recent U.S. midterm elections, Tesla’s stock, which is centered in Texas, has dropped by 15%. Analysts suggest that fears among voters regarding the rapid growth of AI and large tech companies have contributed to these election outcomes.
Even after Musk injected over $200 million in high-profile financial backing for Republican Senate and gubernatorial candidates, this power shift in both positions back to the Democratic Party marks a notable change in the political landscape.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
