ට‍්‍රම්ප් වේගයෙන් පරාජය වෙමින්.. DEMලා දෙගුණයක් ඉදිරියෙන්..


 ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර පාලන බලය තහවුරු කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන තීරණාත්මක කොංග්‍රස් මණ්ඩල මැතිවරණයේ ප්‍රකාශිත මූලික ප්‍රතිඵල අනුව, විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂය කැපී පෙනෙන ඉදිරියක් ලබා ගැනීමට සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ආසන 435කින් සමන්විත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය තහවුරු කරගැනීම සඳහා ආසන 218ක් ජයග්‍රහණය කළ යුතු වේ. 

ඇසෝසියේටඩ් ප්‍රෙස් නිකුත් කර ඇති නවතම නිල හා ප්‍රක්ෂේපිත දත්තයන්ට අනුව, මේ වන විට ඩිමොක්‍රටික් පක්ෂය ආසන 97ක් ජයග්‍රහණය කරමින් පෙරමුණේ පසුවන අතර, පාලක රිපබ්ලිකන් (GOP) පක්ෂයට ජයගැනීමට හැකිව ඇත්තේ ආසන 52ක් පමණි. 

ඒ අනුව ඩිමොක්‍රටික්වරුන් මේ වන විටත් පෙර පැවති රිපබ්ලිකන් ආසන දෙකක් සිය පක්ෂය වෙත හරවා ගැනීමට සමත්ව සිටී.

වසර 15කට වැඩි කාලයක් රිපබ්ලිකන් පක්ෂය අඛණ්ඩව නියෝජනය කළ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ 11 වැනි කොංග්‍රස් දිස්ත්‍රික්කය, 2010 න් පසු ප්‍රථම වතාවට ඩිමොක්‍රටික් පාක්ෂික ජෙමී ඒගර් විසින් ජයග්‍රහණය කරනු ලැබීය. 

එමෙන්ම උතුරු කැරොලිනාවේ 9 වැනි දිස්ත්‍රික්කයේ රිපබ්ලිකන් කොංග්‍රස් ප්‍රචාරක ප්‍රධානී රිචඩ් හඩ්සන් අභිබවා ඩිමොක්‍රටික් අපේක්ෂක රිචඩ් ඔජෙඩා ඉදිරියට පැමිණ ඇත.

තවද, කොලරාඩෝ ප්‍රාන්තයේ පළමු දිස්ත්‍රික්කය ජයගත් මේලට් කිරෝස්, ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට තේරී පත් වූ ප්‍රථම ‘Z පරපුරේ’ (Gen Z) කාන්තාව ලෙස ඉතිහාසයට එක්ව තිබේ. නිව්යෝර්ක්, පෙන්සිල්වේනියා සහ නිව්ජර්සි යන ප්‍රාන්තවල ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී අපේක්ෂකයින් කිහිප දෙනෙකුම පහසු ජයග්‍රහණ වාර්තා කර ඇති අතර, රිපබ්ලිකන්වරුන් විසින් සීමා නිර්ණය වෙනස් කරන ලද ෆ්ලොරිඩාවේ ආසන කිහිපයකදීම සිය ආධිපත්‍යය රැක ගැනීමට ඩිමොක්‍රටික් නියෝජිතයෝ සමත් වූහ.

ඡන්ද විමසීම් මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුකළ ක්ෂණික මත විමසුම් අනුව හෙළි වී ඇත්තේ, ඡන්දදායකයන්ගෙන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධාන සාධකයක් ලෙස සලකා ඇති බවයි. ඉරාන යුද ගැටුම්කාරී වාතාවරණය, ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ ආනයනික තීරුබදු සහ ඒ හේතුවෙන් උද්ධමනය හා ජීවන වියදම ඉහළ යාම කෙරෙහි මහජන අප්‍රසාදය දැඩි ලෙස එල්ල වී තිබේ. ජනාධිපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතා අනුපාතිකය 38% දක්වා පහත වැටී ඇති අතර, එය මෑත ඉතිහාසයේ මධ්‍යවාර මැතිවරණයකට මුහුණ දුන් ඇමෙරිකානු ජනාධිපතිවරයකු ලැබූ අවම ජනප්‍රසාද මට්ටම් අතරට එක්වන්නකි.

ඩිමොක්‍රටික් පක්ෂය සභාවේ බහුතරය දිනාගතහොත්, එහි සුළුතර නායක හකීම් ජෙෆ්රීස් මහතා ඇමෙරිකානු ඉතිහාසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ධුරයට පත්වන ප්‍රථම කළුජාතික නායකයා බවට පත්වනු ඇත. වොෂින්ටන් නුවරදී මාධ්‍ය අමතමින් ජෙෆ්රීස් මහතා සඳහන් කළේ, ඩිමොක්‍රටික් පක්ෂය බහුතරය අත්පත් කරගැනීමේ ආසන්නයටම පැමිණ ඇති බවයි.





Democratic Party Gains Ground in Crucial U.S. Congressional Elections

The latest preliminary results from the pivotal congressional elections aimed at confirming the Democratic majority in the U.S. House of Representatives have revealed a significant lead for the opposition party. International media reports highlight the Democrats’ advantageous position as they strive to secure control.

To establish a majority within the 435-member House of Representatives, a party needs to win at least 218 seats. According to the latest official and projected data released by Associated Press, the Democratic Party has currently secured 97 seats, while the governing Republican Party is poised to win approximately 52.

In an unprecedented shift, Democrats have successfully flipped two seats previously held by Republicans back to their party, indicating a strong trend of change.

Notably, in North Carolina's 11th congressional district, which has been continuously represented by Republicans for over 15 years, Democratic candidate Jamie Burch has emerged victorious for the first time since 2010.

Additionally, Democratic contender Richard Ojeda has gained the lead over Republican congressman and campaign chairman Richard Hudson in North Carolina's 9th district.

In a historic milestone, Melat Kiros, who won in Colorado's first district, has become the first woman from Generation Z to be elected to the U.S. Congress. Democratic socialist candidates in New York, Pennsylvania, and New Jersey have also reported several significant wins, while Democratic representatives in Florida managed to retain control in multiple districts despite Republican gerrymandering efforts.

Instant exit polls conducted near polling stations reveal that six out of ten voters identified President Donald Trump as a pivotal factor in how they cast their ballots. Voter dissatisfaction with issues such as military conflicts, tariffs imposed during the Trump administration, inflation, and rising living costs has been pronounced. Trump's approval rating has dropped to 38%, placing him among the lowest approval levels for a sitting president facing midterm elections in recent history.

If the Democratic Party secures a majority in the House, its minority leader, Hakim Jeffries, will become the first Black leader in U.S. history to serve as Speaker of the House. Speaking with the media in Washington, Jeffries noted that the Democrats are on the cusp of achieving control.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post