ජර්මනියේත් විරෝධතා දරුණු වේ.. Gen-Z ලා වෙලදසැල් කොල්ලකමින් පෙරටම...

 


ජීවන වියදම ඉහළ යාම සහ රාජ්‍ය වියදම් කප්පාදු කිරීමට එරෙහිව ජර්මනිය පුරා තරුණ ප්‍රජාව විසින් සංවිධානය කරන ලද දැවැන්ත විරෝධතා ව්‍යාපාරය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනිමින් වෙළෙඳසැල් කොල්ලකෑම් සහ පොලිස් ගැටුම් දක්වා වර්ධනය වී ඇත.

ජර්මනියේ ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෆ්‍රැන්ක්ෆර්ට් නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන වෙළෙඳසැල් කිහිපයක් විරෝධතාකරුවන් විසින් කොල්ලකා ඇති අතර, අගනුවර වන බර්ලින්, කොලෝන් සහ හැම්බර්ග් යන ප්‍රධාන නගර රැසකද මෙලෙස ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන තිබේ.

දිවා කාලයේ සාමකාමීව පැවති විරෝධතා රාත්‍රී කාලය එළඹෙත්ම ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පොලිස් නිලධාරීන් සහ හදිසි සේවා සේවකයින් ඉලක්ක කරගනිමින් විරෝධතාකරුවන් ගිනිකෙළි, ගල්, බෝතල් මෙන්ම මොලොටොව් කොක්ටේල් ගිනි බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර, ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර එල්ල කර ඇත.

ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ ප්‍රධාන සාප්පු සංකීර්ණ වීදිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලිසිය පියවර ගත් අතර, පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගත් බව AFP පුවත් වාර්තා සඳහන් කරයි. විශේෂයෙන්ම නගරාසන්නයේ පිහිටි ගිනි අවි අලෙවිසැලක වීදුරු බිඳදමා එහි තිබූ අවි ආයුධ කොල්ලකෑමට දැරූ උත්සාහයකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ ගිනි අවි දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.

හෙසේ ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෝමන් පොසෙක් ප්‍රකාශ කර ඇත්තේ, මෙම විරෝධතාව තුළට පැහැදිලිව හඳුනාගත් වාමාංශික අන්තවාදීන් 100කට ආසන්න පිරිසක් රහසිගතව ඇතුළු වී ප්‍රචණ්ඩත්වය අවුළුවා ඇති බවයි. සාමකාමීව ඇරඹි විරෝධතාව අවසානයේ කොල්ලකෑම් සහ විනාශකාරී ක්‍රියා දක්වා පරිවර්තනය වීම ලැජ්ජා සහගත බවද හෙතෙම සඳහන් කළේය.

"Gen Z regelt" නම් තරුණ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතා සඳහා ෆ්‍රැන්ක්ෆර්ට්, මියුනිච් සහ බර්ලින් නගරවල පමණක් 18,000කට අධික පිරිසක් එක්ව සිටියහ. පාසල් සඳහා වෙන්කරන ප්‍රතිපාදන කප්පාදු කිරීම, පාලනය කළ නොහැකි ලෙස ඉහළ ගොස් ඇති ජීවන වියදම, රාජ්‍ය සේවා කප්පාදුව සහ නැවත හඳුන්වා දීමට සූදානම් වන අනිවාර්ය හමුදා සේවයට එරෙහිව තරුණ ප්‍රජාව මෙලෙස වීදි බැස තිබේ.

යුද්ධය සහ බලහත්කාරය වෙනුවට සාමය සහ නිදහස උදෙසා තමන් සටන් කරන බවත්, අධ්‍යාපන හා සෞඛ්‍ය පද්ධතිය සුරැකීමට රජය ප්‍රමුඛත්වය දිය යුතු බවත් එම සංවිධානයේ ප්‍රකාශිකා ලීනා ෆ්‍රෙඩ්රික් මාධ්‍ය වෙත අවධාරණය කර ඇත.

යුක්‍රේන යුද්ධය ආරම්භ වීමත් සමඟ යුරෝපා කලාපය පුරා බලශක්ති සහ ආහාර අර්බුදයක් නිර්මාණය වූ අතර, පසුගිය වසර දෙක තුළ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම ජන ජීවිතයට දැඩි පීඩනයක් එල්ල කළේය. ඊට අමතරව රුසියානු තර්ජනය හමුවේ සිය ආරක්ෂක වියදම් දෙගුණ කිරීමට සහ යුද හමුදාව ශක්තිමත් කිරීමට ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් ගත් තීරණය හේතුවෙන්, පොදුජන සුබසාධන සහ අධ්‍යාපන ප්‍රතිපාදන රැසක් කප්පාදු කෙරිණි.

ජර්මනියේ මෙම නොසන්සුන්තාව හටගන්නේ ප්‍රංශය පුරා ලක්ෂ තුනකට අධික ජනතාවක් ජීවන වියදමට එරෙහිව දැවැන්ත විරෝධතාවල නිරත වෙමින් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් පසුබිමකය. ඒ අනුව, ආර්ථික පීඩනය මුල්කරගනිමින් සමස්ත යුරෝපය පුරාම තරුණ ප්‍රජාව පෙරමුණ ගත් දැවැන්ත මහජන නොසන්සුන්තාවක රැල්ලක් නිර්මාණය වෙමින් පවති.





Widespread Protests Erupt Across Germany Over Rising Living Costs

A massive wave of protests organized by the youth community in Germany has escalated into violent confrontations, including retail looting and clashes with police, in response to rising living costs and cuts to state expenditure.

Several major retail stores in Frankfurt, the country’s financial hub, have been targeted by protesters. City centers in Berlin, Cologne, and Hamburg have also experienced similar outbreaks of violence.

Reports indicate that initially peaceful demonstrations took a violent turn as night fell. Protesters have targeted police officers and emergency service workers, launching firecrackers, stones, bottles, and Molotov cocktails, prompting law enforcement to respond with water cannon to disperse the crowds.

In Frankfurt, authorities closed down a major shopping complex, apprehending numerous individuals in the process. A person was arrested while attempting to smash the windows of a gun shop located in the city center, where two firearms were subsequently seized by the police.

Roman Posek, the state's Minister of Internal Affairs, disclosed that approximately 100 identified left-wing extremists infiltrated the protests, fueling the violence that has erupted. The transformation of initially peaceful protests into looting and destructive actions is deemed shameful, he noted.

The protests, branded as "Gen Z Regelt," have attracted over 18,000 participants from cities including Frankfurt, Munich, and Berlin. The youth have taken to the streets against cuts in funding for schools, uncontrollable spikes in living costs, reductions in public services, and the imminent reintroduction of compulsory military service.

Leena Frederik, a spokesperson for the organizing group, emphasized that the movement advocates for peace and freedom over war and violence, insisting that the government must prioritize maintaining educational and healthcare systems.

The onset of the Ukraine war has triggered an energy and food crisis across Europe, with inflation markedly escalating over the past two years, placing severe pressure on everyday life. Additionally, Germany's decision to double its defense spending and bolster its military in the face of a Russian threat has led to significant cuts in public welfare and educational provisions.

The unrest in Germany follows large-scale protests in France, where more than 300,000 people have also clashed with police over living expenses. This surge of discontent reflects a broader movement among the youth community across Europe, catalyzed by economic pressures in all corners of the continent.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post