අයවැය හැදුවේ IMF කියපු විදිහටමයි.. කීයටවත් දැන් වෙනස් කරන්න බෑ..- චතුරංග


 මෙවර අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන් මත පදනම්ව ඉදිරිපත් කර ඇති බැවින්, රාජ්‍ය ආදායම හෝ සමස්ත වියදම කිසිදු ආකාරයකින් වෙනස් කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් සිදු කිරීම වෙත යොමු විය යුත්තේ අවසාන ක්‍රියාමාර්ගය ලෙස පමණක් බව තමන් අදහස් කරන බවයි.

අයවැය සම්මත වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අදාළ එකඟතාවන්ට එළඹීමෙන් අනතුරුව එය ඉදිරිපත් කර ඇති බව සියලු දෙනා දැනගත යුතු යැයි පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ හේතුවෙන් රාජ්‍ය ආදායම හෝ සමස්ත වියදම කිසිදු ආකාරයකින් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව වැඩිදුරටත් කියා සිටියේය.





Budget Submission Tied to IMF Agreements, Says Deputy Minister

The budget for this fiscal year has been formulated based on agreements established with the International Monetary Fund (IMF), Deputy Minister Chaturanga Abeysinghe emphasized, making it clear that there will be no alterations to state revenue or overall expenditure.

Addressing the media, Abeysinghe expressed his belief that any potential strike actions by trade unions should only be considered as a last resort. He underscored the importance of collaboration between various stakeholders to address concerns within the workforce.

He explained that it is vital for everyone to understand that the budget was presented only after reaching relevant agreements with the IMF. This leads to the conclusion that there is no scope to change state income or total spending, reinforcing the position taken by the government amid economic challenges.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post