පසුගිය වසර දෙකක කාලය තුළ රට හමුවේ පැවති දරුණුතම ආර්ථික අර්බුදය හා අභියෝග සාමූහිකව ජයගෙන රට ස්ථාවර මාවතකට ගෙන ඒමට රජය සමත් වූ බවත්, බංකොලොත්භාවයට පත් වූ රටක් මෙතරම් කඩිනමින් ආර්ථික වශයෙන් යළි ගොඩනැඟූ ලොව විශිෂ්ටතම ආදර්ශය ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ප්‍රකාශ කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘ඉල් මහ විරු සැමරුම්’ උළෙල අමතමින් ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද සඳහන් කළේය:
"පසුගිය කාලසීමාව ඇතුළත අපිට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහිදී ප්‍රධානතම අභියෝගය වුණේ කඩා වැටී තිබුණු රටේ ආර්ථිකයයි. ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස එතුමාත්, අපේ කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාම දිවා රෑ නොබලා එකට එක්වී සාකච්ඡා කරමින් මේ ආර්ථික අර්බුදයෙන් රට ඉතා ඉක්මනින් ගොඩගැනීමට කටයුතු කළා.
අද වන විට ලෝකයේ තිබෙන ප්‍රධාන මූල්‍ය ආයතන සියල්ලම අපේ රටේ ආර්ථිකය පියවරෙන් පියවර ඉදිරියට පැමිණ ඇති බව තහවුරු කර තිබෙනවා. සෑම ආර්ථික දර්ශකයකින්ම අපේ රට අද ඉදිරියෙන්ම සිටිනවා. බංකොලොත් වූ රටක් වේගයෙන් ගොඩනැඟෙන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකයටම ඇති හොඳම ආදර්ශය ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම ප්‍රකාශ කළා. මෙතරම් කෙටි කලකින් යථා තත්ත්වයට පත් වූ වෙනත් රටක් නොමැති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
එමෙන්ම ලංකාවේ ආර්ථිකය දැන් කෙතරම් ශක්තිමත් ද කිවහොත්, ඉදිරියේදී එල්ල විය හැකි ඕනෑම මූල්‍ය හෝ බාහිර කම්පනයකට ඔරොත්තු දීමේ හැකියාව රට සතු බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහතික වී තිබෙනවා. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය ඇතුළු බාහිර කම්පන රැසකට අප තවමත් මුහුණ දෙමින් සිටියත්, ඒ කිසිදු පීඩනයක් හෝ බරක් මහජනතාව මත පටවන්නේ නැතිව රජය විසින් ඒවා දරාගනිමින් පාලනය කරගෙන යනවා.
ආර්ථිකය ස්ථාවර කරමින් අප විශාල කාර්යභාරයක් ඉටු කරමින් ඉදිරියට ගමන් කර තිබෙනවා. දැන් අප හමුවේ ඇති මීළඟ ප්‍රධාන වගකීම වන්නේ ජනතාවගේ සමාජ ජීවිතය ගුණාත්මක ලෙස යහපත් අතට පරිවර්තනය කිරීමයි."
Sri Lanka's Economic Recovery Lauded as a Global Example, Says JVP Leader
In a bold statement during the 'Il Maha Viru Sæmaruma' ceremony organized by the Janatha Vimukthi Peramuna (JVP), party General Secretary Tilvin Silva remarked on the country's remarkable recovery from the severe economic crisis that plagued Sri Lanka over the past two years. He emphasized that the International Monetary Fund (IMF) has recognized Sri Lanka as a leading example of how a nation can rebound from bankruptcy to stability in such a short period.
Silva's comments highlighted the collaborative efforts of key government figures, including the President and the Minister of Finance, along with members of the Cabinet and officials from the Ministry of Finance. These leaders came together tirelessly, day and night, to address the economic catastrophe and hasten the country's recovery.
Notably, Silva pointed out that all major financial institutions around the world have confirmed Sri Lanka's economic progress, asserting that the country currently outstrips many others in various economic indicators. He stressed that the IMF has publicly announced Sri Lanka as the finest model for demonstrating how a bankrupt nation can rebound swiftly, noting the absence of similar recoveries in other countries within such a brief timeframe.
Furthermore, he addressed the current strength of the Sri Lankan economy, emphasizing its capacity to withstand any potential financial or external shocks that might arise in the future. Despite ongoing challenges, including the geopolitical tensions in the Middle East, the government is adeptly managing these pressures without burdening the populace.
Silva concluded by acknowledging the significant responsibilities that lie ahead, stating that the next crucial task is to enhance the quality of social life for the people of Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙතන "අපි" කියන්නේ "ශ්‍රී ලංකාව" මිසක් "එන්.පී.පී." එක එහෙම නෙවෙයි. මොකද ශ්‍රී ලංකාවේ කඩන් වැටුණු ආර්ථිකය හැදුවේ එන්.පී.පී. එක නෙවෙයි නේ, ඒක හැදුවේ රනිල් වික්‍රමසිංහ. ඇත්තත් කියන්ඩ එපායෑ, ඉඳලා හිටල හරි.
ReplyDeleteහොරෙන් කනට කරල කිව්වද ලොක්කා?
ReplyDeleteMokakda Kare ethakota 2 years 4 months Ranil Wickremasinghe & team ???
ReplyDeleteඅයිඑම්එෆ් එකෙන් ටික දවසකින් කියයි මේ කියපු කතාව බොරුවක් අපි එහෙම කියල නෑ කියල
ReplyDelete