2026 දෙසැම්බර් මස 01 වැනිදා සිට CM06 කොල්ලුපිටිය වටරවුම් මාර්ගයේ බස් රථ සේවාව තාවකාලිකව අත්හිටුවන බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (Lanka Metro Transit - LMT) ආයතනය නිවේදනය කරයි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයට අයත් සමාගමක් වන ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනය විසින් විශේෂ මගී නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.
මෙම සේවාව තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන බවත්, ඒ සඳහා මගීන් දක්වන අවබෝධයට ස්තූතිවන්ත වන බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Bus Services on CM06 Kollupitiya Circular Route Suspended Temporarily Starting December 1
Lanka Metro Transit (LMT) has announced the temporary suspension of bus services on the CM06 Kollupitiya circular route, effective December 1, 2026. The decision was conveyed through a special passenger notification issued by the state-owned company operating under the Ministry of Transport, Highways, and Urban Development.
The company expressed regret over the inconvenience this service suspension may cause to passengers and extended gratitude for their understanding during this period. Further details regarding the circumstances of the suspension were not disclosed.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

