ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) පරිගණක චිප් නිෂ්පාදන දැවැන්තයා වන Nvidia සමාගමේ මූල්‍ය ගිණුම්කරණ කටයුතු සම්බන්ධයෙන් ඇමරිකානු සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විසින් හදිසි විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟ, සමාගමේ කොටස් මිල 13%කින් සීඝ්‍ර ලෙස පහත වැටී තිබේ.
මේ හේතුවෙන් එක් කොටසක මිල ඇමරිකානු ඩොලර් 127.16ක් දක්වා පහත වැටුණු අතර, ගනුදෙනු අතරතුර එය සති 52ක වාර්තාගත අවම අගය වන ඩොලර් 126.64 සීමාවට ද ළඟා විය. මෙම දැවැන්ත කඩාවැටීමත් සමඟ එන්වීඩියා සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඩොලර් ට්‍රිලියන 3.05ක් දක්වා පහත බැස ඇති අතර, සමස්ත අර්බුදය හමුවේ සමාගමේ වෙළෙඳපොළ වටිනාකමෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් අතුගෑවී ගොස් අවසන්ය.
Wall Street Journal සහ Reuters පුවත් සේවය අනාවරණය කරන පරිදි, එන්වීඩියා සමාගම සිය මූල්‍ය තොරතුරු හෙළිදරව් කිරීමේදී ආයෝජකයින් නොමග යවා ඇත්දැයි සහ එහි පවතින විභව ගිණුම්කරණ ගැටලු පිළිබඳව SEC ආයතනයේ බලාත්මක කිරීමේ අංශය පුළුල් පරීක්ෂණයක් පවත්වයි.
කෙසේ වෙතත්, නීතිමය විමර්ශනයක් පැවැත්වීම පමණක් වරදක් තහවුරු වීමක් නොවන අතර, මෙවැනි පරීක්ෂණ නඩු පැවරීමකින් තොරව අවසන් වන අවස්ථා ද පවතී.
සමාගම පසුගිය වසරේදී සිය භූගෝලීය ආදායම් වාර්තා කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කරමින්, පාරිභෝගිකයින්ගේ ‘බිල්පත් ලිපිනය’ වෙනුවට ‘ප්‍රධාන කාර්යාල ලිපිනය’ භාවිත කිරීමට පියවර ගත්තේය. ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ වාර්තා කරන පරිදි, එන්වීඩියා සමාගමේ ගෝලීය ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සිංගප්පූරුවෙන් වාර්තා වන පසුබිමක සිදුකළ මෙම වෙනස හරහා කලාපීය ආදායම් ලැයිස්තුවෙන් සිංගප්පූරුව ඉවත් වීම කෙරෙහි නියාමන අංශවල දැඩි අවධානය යොමුව තිබේ.
මීට අමතරව, චිප් නිෂ්පාදකයින් විසින් සිය ගනුදෙනුකරුවන්ට චිප් මිලදී ගැනීමට සහ දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට මූල්‍ය ආධාර සපයන ‘චක්‍රීය AI මූල්‍යකරණ’ ගනුදෙනු සම්බන්ධයෙන් ද ආයෝජකයින් අතර සැක මතු වී ඇති අතර, ඉදිරියේදී එවැනි මූල්‍යකරණයන් දැඩි සීමාවන්ට යටත් කරන බව සමාගමේ අතුරු ප්‍රධාන විධායක නිලධාරිනි කොලෙට් ක්‍රෙස් සඳහන් කළාය.
එන්වීඩියා නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං පසුගිය සතියේ අනපේක්ෂිත ලෙස ධුරයෙන් ඉල්ලා අස්වූයේ අනියම් සබඳතා පැවැත්වූ බවට එල්ල වූ චෝදනා හමුවේය. ඉන් එක් සබඳතාවක් සිංගප්පූරුවේ ‘මෙගාස්පීඩ්’ සමාගමේ හිටපු ප්‍රධානී ඇලිස් හුවාං සමඟ පැවැත්වූ එකක් බවට හෙළිව තිබේ.
ඇමරිකානු අපනයන පාලන නීති උල්ලංඝනය කරමින් එන්වීඩියා චිප් චීනයට යැවූ බවට සැකපිට 2024 සිට මෙගාස්පීඩ් සමාගම පිළිබඳව ඇමරිකානු අධිකරණ සහ වාණිජ දෙපාර්තමේන්තු පරීක්ෂණ පවත්වන අතර, ඇලිස් හුවාං චීන ඔත්තුකාරියක බවට ද ඇමරිකාව සැක කරයි. එහෙත් චීනය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
සමාගමේ යහපත උදෙසා යළිත් ප්‍රධාන විධායක ධුරයට පත්වීමට තමන් සූදානම් බව හිටපු ප්‍රධාන විධායක ජෙන්සන් හුවාං ප්‍රකාශ කළ ද, අධ්යක්ෂ මණ්ඩල සභාපති හාවි ජෝන්ස් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. නව ස්ථිර ප්‍රධාන විධායකවරයෙකු සෙවීම සඳහා 'හයිඩ්රික් ඇන්ඩ් ස්ට්රගල්ස්' විධායක බඳවා ගැනීමේ ආයතනය බඳවා ගත් බව සභාපතිවරයා තහවුරු කළේය.
සමාගමේ කාර්තුමය ආදායම පසුගිය වසරට වඩා 103%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 115.8ක් දක්වා වර්ධනය වෙමින් ආයෝජක අපේක්ෂාවන් අභිබවා ගිය ද, මෙම බරපතළ පාලන හා නීතිමය අර්බුදය හමුවේ සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය දැඩි අස්ථාවරත්වයකට ඇද වැටී තිබේ.
Nvidia Shares Plunge 13% Amid SEC Investigation
The financial landscape for Nvidia, the leading giant in artificial intelligence (AI) chip production, has encountered turbulent waters as the U.S. Securities and Exchange Commission (SEC) has launched a sudden investigation into the company's accounting practices. This development has sent Nvidia's stock price plunging by 13%.
Shares of Nvidia have fallen to $127.16, coming alarmingly close to a 52-week low of $126.64 during trading. This dramatic decline has resulted in the company's market capitalization dropping to $3.05 trillion, with reports indicating that more than a third of its market value has evaporated amidst the current turmoil.
The Wall Street Journal and Reuters have revealed that the SEC's enforcement division is conducting a comprehensive inquiry to determine if Nvidia misled investors in its financial disclosures and to scrutinize ongoing accounting issues.
However, it's important to note that the initiation of a legal investigation does not necessarily confirm wrongdoing, as such inquiries can sometimes conclude without resulting in formal charges.
Nvidia has altered its reporting methodology for global revenues over the past year, opting to use "primary office address" instead of "bill to address" for its customers. This change, as reported by the Financial Times, has raised regulatory eyebrows as it appears to remove Singapore from the regional income listing, drawing significant attention from compliance authorities.
Moreover, suspicions have arisen among investors regarding "cyclical AI financing" transactions, through which chip manufacturers provide financial support to customers for chip purchases and data center construction. Colette Kress, Nvidia's interim chief financial officer, indicated that such financing arrangements may soon be subject to stricter limitations.
Concerns have been raised over Nvidia’s compliance with U.S. export control laws, particularly surrounding accusations that the company supplied chips to China, prompting investigations by U.S. courts and the Department of Commerce into Megaspeed since 2024. Notably, Alice Huang has been alleged to have ties to Chinese officials, although China has vehemently denied such accusations.
While Jensen Huang has expressed readiness to return to the CEO position for the company's betterment, this has been entirely rejected by Board Chairman Harvey Jones. The board has confirmed that they are working with the executive recruitment firm Hydrick & Struggles to find a new permanent CEO.
Nvidia's quarterly revenue surged by 103% year-over-year, reaching $115.8 billion, surpassing investor expectations. However, amidst this significant regulatory and legal crisis, the company's financial stability appears to be on a precarious edge.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
