බොරැල්ල පොලිස් වසමේ කනත්ත වටරවුම ආසන්නයේ, රේමන්ඩ් මල් ශාලාව අසල පදික මාරුවේදී සිදුවූ බව කියන බහින්බස් වීමක් සහ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පදිකයින්ට මාර්ගය හරහා ගමන් කිරීම සඳහා වූ සංඥාවේ රතු එළිය දැල්වී තිබියදී පදිකයින් දෙදෙනෙකු මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී, රාජගිරිය දෙස සිට කනත්ත වටරවුම දෙසට පැමිණි රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පදික මාරුව අසල නවතා ඇත.
එහිදී රියදුරු විසින් නළාව නාද කිරීම හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු පහරදීමක් සිදුවූ බවට මාලබේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් බොරුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධියට අදාළව පැමිණිලිකරු විසින් AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැර ඇති බවටද තොරතුරු වාර්තා වේ.
පැමිණිල්ල සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිද්ධියට අදාළ 37 හැවිරිදි සැකකරු 2026.11.21 අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු ගංජා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවට අනාවරණය වී තිබේ.
සැකකරු පැදවූ ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Suspect Arrested After Fracas Near Boralesgamuwa
A suspect has been taken into custody by Boralesgamuwa police following an incident involving a brawl and an assault near the Remand Flower Hall, close to the Kanatta roundabout.
The altercation occurred when two pedestrians crossed the road while a red pedestrian signal was displayed. At that moment, a Range Rover approached from the Rajagiriya side and came to a halt near the pedestrian crossing.
According to a statement made to the police by a local resident from Malabe, a confrontation erupted after the vehicle's driver honked the horn. The complainant reported the incident, detailing the subsequent physical confrontation.
It is also noted that the complainant has shared a photo generated through AI technology on social media, which is connected to the altercation.
Statements from both the complainant and his wife have been recorded as part of the inquiry. The 37-year-old suspect was arrested on November 21, 2026.
Following the arrest, the suspect was presented to the Chief Judicial Medical Officer in Colombo, where it was revealed that he had been under the influence of cannabis during the incident.
The vehicle involved in the incident has been confiscated by the police, and the suspect is scheduled to appear before the Aluthkade Magistrate's Court.
Boralesgamuwa police continue to conduct further investigations into the matter.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


අනිවාර්යෙන් කැරි ජෙප්පෙක් වෙන්ඩ ඇති
ReplyDelete