වතුකරයේ
ජනතාවට අහාසවන ආකාරයට ප්‍රකාශයක් නිකුත් කර එම ප්‍රකාශය සාමාජ මාධ්‍යට මුදා හැරි
වතුකරය නියෝජනය කරන සිවිල් ක්‍රියාකාරි කාන්තාවකට එරෙහිව (30) දින හැටන් නගරයෙදි
දමිළ සිවිල් ක්‍රියාකාරි සංවිධානයක් උද්ගෝෂණයක නිරත විය.
පසුගිය
දා ඉන්දියාවේ පැවති ආසියානු මළල ක්‍රීඩා තරගයට සහභාගි වී ඉකුත් (18) දින මෙරටට
පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිගැනීම සදහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ
පැවති පිලිගැනීමේ උත්සවයට ගොස් සිටි එම සිවිල් ක්‍රියාකාරි කාන්තාව වතුකරයේ ජනතාව
කුසගින්නේ සිටින ජාතියක් බවත්, එම ජනතාව අතරින් බිහි වූ ආසියානු මළල ක්‍රිඩාවට
සහභාගි වූ ක්‍රීඩකයන් සිටින බව ඇය පවසා එම ප්‍රකාශය වීඩියෝගත කර සමාජ මාධ්‍යට
නිකුත් කර ඇත.
එම
ප්‍රකාශයට විරෝධය පාමින් උද්ගෝෂණයේ නිරතව සිටින ජනතාව කියා සිටියේ වතු කරයේ ජනතාව
මේ වන විට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් පවතින පිරිසක් බවත්, එම පිරිසට අපහාස වන
ආකාරයට ප්‍රකාශ කිරිම තරයේ හෙළා දකින බවයි.
රංජිත් රාජපක්ෂ

කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව කට තිබ්බ පලියට දොඩවන ගොන් බොන්ඩියක් නිසා මිනිස්සු ඇවිස්සෙනවා. රටේ ආදායමට කෙලවෙනවා.
ReplyDelete