මගේ ලේකම්ගේ වාහනෙත් මග හිට්ටා.. කැඩුනු වාහනවලින් ගිහින් රට හදන්න බෑ...


 අබලන් වූ වාහනවලින් ගොස් සංවර්ධන ඉලක්ක කරා යන්න නොහැකි බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

එනිසා අලුත් වාහන රාජ්‍ය සේවයට අවශ්‍ය කරන බවද ඒ මහතා පැවසුවේය.

තම අමාත්‍යාශයේ ලේකම්වරයාද මෑතකදී රාජකාරී ගමනක් යද්දී වාහනය අතරමග ආපදාවට ලක් වූ බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ඔහු මෙම  අදහස්  පළ  කළේය.


Previous Post Next Post