ඒකාබද්ධ විපක්ෂය මේ මස 21 දින කොළඹදී පැවැත්වීමට සැළසුම්කර ඇති රැලියට දමිළ ප්‍රගතිශීලි සංධානය සහය නොදැක්වීමට තීරණය කල බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියොජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් ප.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.
(16)
දින හැටන් නගරයෙදි මාධ්‍ය හමුවක් පවත්වමින් දිගම්බරම් මහතා ඒ බැව් පැවසීය.
මෙහිදි
වැඩි දුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් මහතා කියා සිටියේ, ඉතිහාසයේ තවද දිනක හෝ
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකළ බවත්,
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවැනි තිරණයකට එළබ වතුකම්කරුව්නගේ වැටුප
රු.1750 දක්වා වැඩි කිරිමට ගත් තීරණයට තමන් ස්තූතිවන්ත වන බවයි.
එම
ජනතාවගේ ගැටළු විසදීමට රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම වතුකරයේ ජනතාව වෙනුවෙන්
දමිළ ප්‍රගතිශීලි සංධානයේ පූර්ණ සහයොගය ලබා දෙන බවද පලනි දිගම්බරම් මහතා පැවසීය.
රජයේ
වැටුප් වැඩි කිරිමත් සමග වතු කම්කරුව්න වතුකරය නියෝජනය කරන දමිළ දේශපාලඥයන්ව ප්‍රතික්ෂේප
කර ඇති බවට මාධ්‍ය මගින් ප්‍රදර්ශණය කලද එය රජයේ ඇතැම් පාර්ශවයකගේ සැළසුම් සහගත ක්‍රියාවක්
බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
වතු
කම්කරුව්න ඔනෑම වේලාවක වෙනස්විය හැකි ජනතාවක් බවත්, මේ රටේ යුද්ධය අවසන් කල මහින්ද
රාජපක්ෂ මහතාම ආපසු ගෙදර යැවීමට කටයුතු කල රටේ බහුතර ජනතාව වත්මන් රජය වූවත් ඕනෑම
වේලාවක බලය නැති කිරිමට එම ජනතාව කටයුතු කල හැකි බව අවධානයට ගෙන රජය කටයුතු කල
යුතු බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
