සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 70 කට ආසන්න (ලක්ෂ 50 ක) ප්‍රමාණයකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය අලෙවි කරනු ලබන්නේ එය උත්පාදනය කිරීමට වැයවන සත්‍ය පිරිවැයට වඩා අඩු මිලකට යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කළ ප්‍රකාශ කරයි.
වර්තමානයේ විදුලි ඒකකයක් නිපදවීමේ සාමාන්‍ය පිරිවැය රුපියල් 19.20 ක් දක්වා අඩු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඒකක 30 හෝ ඊට අඩුවෙන් පරිභෝජනය කරන පවුල් වෙතින් විදුලිබල මණ්ඩලය අය කරන්නේ ඒකකයක් සඳහා රුපියල් 4.50 ක මුදලකි.
පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම කාණ්ඩයේ පාරිභෝගිකයන්ගෙන් ඒකකයකට රුපියල් 8 ක මුදලක් අය කරන ලදී.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවේ, ඒකක 90 දක්වා වූ සියලුම පරිභෝජන කාණ්ඩ සඳහා අය කරන මුදල, විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැයට වඩා අඩු මට්ටමක පවතින බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් ලක්ෂ 50 කට විදුලිය සපයන්නේ පාඩු ලබමින් බව පැහැදිලි වන බව ඒ මහතා අවධාරණය කළේය.

ela
ReplyDeleteමුං උද්ඝෝෂණය කරලා
ReplyDeleteඋමා ඔය ව්‍යාපෘතිය කල් දැම්ම. අන්තිමට හිල නෑ. හැබැයි පාඩුව ජනතාවට.
නොරොච්චෝලේ අවුරුදු ගාණක් කල් දැම්ම. අන්තිමට ඒ මෙගාවොට් 900 නැත්තං දවසට පැය 10 ක් විතර ලයිට් කපල
සාම්පූර් නැති කරලම දැම්ම. දැන් ඒකෙන් රුපියල් 8ට ගන්න තිබුන ඒකකය , ඩීසල් බලාගාර වලින් රුපියල් 80-100 ට ගන්නව.
77 වසරක සාපෙ වෙන කවුරුවත් නෙවෙයි උඹලාමයි.
කියන්න දෙයක් නැ ඉතින් වර්ජන කරවපු ආණ්ඩුවක් දැන් කියන කතා. විදුලි බලාගාරයක් හදන්න ගියොත් එකට අකුල් හෙලනවා. උමා ඔය වගෙ දේවල්. ඇත්තටම සතුටුයි අපිට අමාරු උනත් දැන් ඉන්න පාලකයන්ට හැම මගුලටම අකුල් හෙලන එකෙ අමාරුව තෙරුනොත්
ReplyDeleteලක්ෂ 50 කට නිකං වගේ විදුලිය දීලා, පවුල් ලක්ෂ 30 කට පමණ අස්වැසුම පිං පඩි දීලා, නොමිළයේ බෙහෙත් හා අධ්‍යාපනය දීපුවහම රටක ජනතාව කම්මැලි වෙලා කයිවාරු ගහමින් ඉන්න එකයි වෙන්නේ. ඒ අතර මේ සල්ලි හොයන්න වැඩකරන මධ්‍යම පංති ජනතාවට බදු ගහන කොට ඇති, හැකි අය ලංකාව දාලා රට යනවා.
ReplyDelete