ආණ්ඩුව බදු ගසන්නේ යැයි චෝදනා එල්ල කළ ද ආණ්ඩුව සිදුකරමින් තිබෙන්නේ බදු ගසනවා නොව බදු කළමනාකරණය කිරීම බව කෘෂිකර්ම නියෝජ් ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.
“ආණ්ඩුව බදු ගහනවා කියලා රජයට චෝදනා කරනවා. අපි බදු ගහලා නෙවෙයි අපි බදු කළමනාකරණය කිරීමක් කරලා තිබෙන්නේ. බදු නොගෙවූ අයගෙන් බදු අය කර ගැනීම් දැන් කරනවා. මෙරට සියලු ජනතාවට බලාපොරොත්තු තැබිය හැකි අයවැයක් ඉදිරිපත් කළා.
