රටේ නායකයා තිරිසන් සතුන් ගැන පවා සිතනා නායකයෙක් බව මෙවර අයවැයෙන් වීදි සුනඛයන් සඳහා මිලියන සීයක මුදලක් වෙන් කිරීමෙන් පෙනෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි මහත්මිය සඳහන් කරයි.
එමගින් රටේ නායකයාගේ චින්තනය අනුව රටේ චින්තනය කුමක්දැයි තේරුම් ගත හැකි බවද ඇය පැවසුවාය.
ගෑස් කාමරවල දමා, සයනයඩ් එන්නත් කරමින් වීඩි සුනඛයන් ඝාතනය කිරීමට කලින් තීන්දු ගනිද්දී මෙවර ආණ්ඩුවෙන් එම ගැටලුව විසඳීමට අයවැයෙන් මුදලක් වෙන්කර ඇති බවත් ඇය පැවසුවාය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
