කසිප්පු පැකට් එකට, බත් පාර්සලේට, රුපියල් 5000කට සිදුකරන දේශපාලනය නැවත වතාවක් නුගේගොඩ රැලියෙන් මතුවී ආ බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.
මේ ආකාරයේ කෝලම් දුටු විට ප්‍රගතිශීලී ජනතාව තව තවත් ජාතික ජන බලවේග ආණ්ඩුව බදා වැළඳගනිමින් සිටින බවද ඒ මහතා පැවසීය.
ඒ හැර ජනතාව කිසිසේත්ම ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් ගැලවී එම කඳවුරට යනු ඇතැයි කිසිසේත්ම විශ්වාස නොකරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

Mamath Thangallata giye ekata thama pakayo
ReplyDeleteapita arinna arinna ,passatai issarahatai dekatama api katin,,,, pupen sapa denawa. harima saneepai
ReplyDeleteටයි එක දාගෙන හිටියට පොළවේ දැන් තිබෙන යථාර්ථය තේරුම් ගන්න බැරුව කටමැත දොඩවන්න එපා. බැහැලා බලන්න. බොරුව හැමදාම බැහැ
ReplyDeleteheena deka deka hitapan.
ReplyDeleteඅනුර කුමාරගේ NPP රජය මේ වෙලාවේ එකවර පෙරමුණු ගණනාවක් ඔස්සේ ඔවුන් වෙත වාසි සහගතව තිබුණු, සමාජ ආඛ්‍යානය පිළිබඳ පාලනය අහිමි කර ගනිමින් ඉන්නවා.
ReplyDeleteඇත්තටම ඒක අනුරගේ හෝ ටිල්වින්ගේ, තනි පුද්ගල අවුලක් හෝ අසමත් වීමක් නිසා සිදුවන දෙයක් නොවෙයි.
බලය වෙනුවෙන් ඔවුන් ගොඩනැගු ව්‍යාජ සමාජ සම්මුතිය හෙවත් කැමැත්ත අද ඔවුන්ගේ සෙවනැල්ල වගේ පිටිපසින් එන්න පටන්ගෙන.
බලයට පෙර එක පැන් පහරින්, පෝය දෙකෙන්, පැය 24 න්, විසඳනවා යැයි කියපු බොහෝ ප්‍රශ්න, අදටත් විසඳුම් නොදුන් ඒවා බවට පත්වෙලා.
අනුරගේ දේශපාලන ව්‍යාපෘතිය බිඳවැටීම එවැනි කුඩා කුඩා, සාධක රාශියක් එකට එකතු වීම නිසා සිදුවන දෙයක්.
දැන් බලන්න ඊයේ නුගේගොඩ රැලිය හා බැඳුනු ආණ්ඩුවේ හැසිරීම,
මග දෙපස තණකොළ එල්ලීම.
විදුලිය විසංදි කිරීම.
ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කිරීම. වගේ හැසිරීම් දිහා..
රැලියට දින ගණනාවකට පෙර සිට ආණ්ඩුව ඊට ලබාදුන් රිනාත්මක ප්‍රචාරණය (Negetive Campaingn)
මේවායින් නිරීක්ෂණය වෙන්නේ මොනවද?
ආණ්ඩුව කෙරෙහි වූ මහජන විශ්වාසය ක්‍රමයෙන් ඛාදනය වෙමින් යනවා.
අනුරගේ පක්ෂය තුළ ගොඩ නැගෙන අසමගිය.
ජවිපෙ මතවාදී පරස්පරතා.
භූ-දේශපාලනික අස්ථාවරභාවයන්, සහ අවිශ්වාසය,
ඩිජිටල් අවකාශයේ ඔවුන්ට හිමිව තිබු අධිපතිවාදී ආඛ්‍යානය බිඳ වැටීම.
IMF කොන්දේසි යටතේ ආර්ථිකය එකතැන පල්වීම.
ආගමික ආතතීන් ඉහළ යාම.
රාජ්‍ය නිලධාරීවාදය අකර්මණ්‍ය වීම.
කැබිනට් මණ්ඩලය තුළ බෙදීම් ඇතිවීම.
ආර්ථික බලවතුන් කිහිප දෙනෙකුගෙන් එල්ල වන බාහිර පීඩනය.
ජවිපෙ පාක්ෂික පදනමෙන් එල්ල වන අභ්‍යන්තර පීඩනය
මෙම බලවේගයන් තවදුරටත් තනි තනි ඒකක ලෙස හුදකලාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
ඒවා දැන් එක පෙළට පෙළ ගැසෙමින් පෝලිමේ එන්න පටන් ගෙන තියෙනවා.
රබර් බැලුනයක් වුනත් පිපිරෙන්නේ හුලං පීඩනයට සාපේක්ෂව.
අනුර කුමාර පරිපාලනයට එරෙහි පීඩනයන් මෙසේ එක පෙලට පෙළගැසෙන විට, පිපිරීමක් ඇති වීමට නියමිතයි.
ඔවුන් දැන් සිටින්නේ එම පිපිරීමේ මුලික අදියරේ තියෙන සිහින් රේඛාවක් උඩ
Great analysis
Delete