ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හෝ ආයුර්වේද වෛද්‍ය සභාවේ නිසි ලියාපදිංචිය නොමැති, බටහිර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින විශාල ප්‍රමාණයක් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ලියාපදිංචිය නැති ආයුර්වේද විෂය භාවිතා කරන පුද්ගලයන්, සෞඛ්‍ය කාර්ය සහායකයන්, වෛද්‍ය සිසුන්, වෛද්‍යවරුන්ගේ වෛද්‍යවරුන් නොවන ස්වාමිපුරුෂයන් හෝ භාර්යාවන්, වෙනත් ආයුර්වේද වෛද්‍ය ක්‍රම හදාරන ලද පුද්ගලයන්, ඖෂධවේදීන්, වෛද්‍ය මධ්‍යස්ථානවල සේවය කළ අත්උදව් කාර්ය මණ්ඩල සේවකයන්, හෝ කිසිසේත්ම වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනුමක් නොමැති පුද්ගලයන් මේ අන්දමට දිවයින පුරා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව ඔහු පෙන්වා දෙයි.
රටේ ප්‍රධාන නගර වලද මෙවැනි වෛද්‍ය මධ්‍යස්ථාන පවතින අතර මෙයට අමතරව ගබ්සා මධ්‍යස්ථාන රැසක් ද පවත්වාගෙන යනු ලබන්නේ මෙවන් ව්‍යාජ වෛද්‍යවරුන් බව ඔහු පෙන්වා දෙයි.
මෙම මධ්‍යස්ථාන පහසුවෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට වැටලීම සහ නීත්‍යානුකුලෙස කටයුතු කිරීමට හැකියාව ඇති නමුත් මේ වන විට රජය මගින් නිසි පරිදි රජය රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගේ පෞද්ගලික වෛද්‍ය සිදු නොකරන බැවින් එවන් තත්ත්වයක් යටතේ මෙවැනි ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන වැටලීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් මැලි වන බවද ඔහු පෙන්වා දෙයි.
මෙවන් ව්‍යාජ පෞද්ගලික වෛද්‍යවරුන් විසින් ලියාපදිංචි නොවන ඖෂධ හා වෙනත් ලියාපදිංචි නොවන වෛද්‍ය ක්‍රම ද සිදුකරන බව වැඩිදුරටත් පෙන්වා දෙන අතර නිසි පරිදි ලියාපදිංචි වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුගමනය කරන ක්‍රමෝපායන් හා නීති මෙම ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අනුගමනය කළ නොහැකි වීම ගැටලුවක් බවද පවසයි.
මීට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කොට තිබුණේ දිවයින පුරා හොර වෛද්‍යවරු පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් සිටින බවයි.
පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන නියාමනය මේ වන විට බිඳ වැටී ඇති බවද වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
