දෙසැම්බරයේ ‘ශ‍්‍රී ලංකික දිනය’ ගැන ජනපති දෙමල, මුස්ලිම් පක්‍ෂ එක්ක සැලසුම් කරයි..

 


දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දිනයේ දැනට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතා විපක්ෂය නියෝජනය කරන දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින් සහ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී (22) පැවැත්වින.

සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත්වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්, අපේ රට කවර හෝ ජාතිවාදී උගුලකට හසු වීමට ඉඩ නොතබන බවත් මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවත් පැවසීය.

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව සියලු ජන කොටස් එක් කර ගනිමින් ශ්‍රී ලංකා දිනය පැවැත්වීමට සැලසුම් කර ඇත. 

ඊට අදාළව සියලු ජන කොටස් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අදහස් සහ යෝජනා විමසීම මෙහිදී සිදු කෙරුණු අතර අතර, මෙම කටයුතු සාකච්ඡාවට එක් වූ සියලු නියෝජිතයින්ගේ ඉහළ ඇගයීමට ලක්වීම ඊට ලැබුණු මහඟු දිරිගැන්වීමකි. 

එමෙන්ම, සියලුදෙනාට එක්ව කටයුතු කළ හැකි පරිදි මෙහි වැඩසටහන් සහ සැලසුම් නිර්මාණය කරන ලෙස සංවිධායක මණ්ඩලයට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

1 Comments

  1. සිංහලයාව මේසෙටවත් වාඩි කරගෙන නැ .................

    ReplyDelete
Previous Post Next Post