රහස් ඡන්ද නැතිව තවත් මාලිමා සභාව දෙකක අයවැය පරදී..

 


ජාතික ජනබලවේගය බලය දරන රත්තොට ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ.

අද පැවති ඡන්ද විමසිමේදී අයවැයට පක්ෂව ඡන්ද 13ක් හා විපක්ෂව ඡන්ද 14ක් ලැබින.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභා අයවැය අද වැඩි ඡන්දයකින් පරාජයට පත්විය.

අය වැයට පක්ෂව ඡන්ද 09ක් ද විපක්ෂව ඡන්ද 10ක්ද හිමිවිය.

පැවති පළාත් පාලන මැතිවරණයෙන් මෙම සභාවල තනි පක්ෂයකට පිහිටවීමට ප්‍රමාණවත් බලයක් නොලැබුණු අතර ඒ හේතුවෙන් රහස් ඡන්ද විමසීමකින් ජාතික ජන බලවේගය විසින් සභාපති පත්  කරගන්නා  ලදී


1 Comments

  1. රහස් චන්ද අක්කටවත් කියලා බැරිද ගොඩ දා ගන්න

    ReplyDelete
Previous Post Next Post