අයවැයට පක්ෂව වුනේ වතු ජනතාවට පඩි වැඩි කරනව කිවු නිසා.. නොකලොත් එයටත් විරුද්ධ වෙනවා...

 


2026 අයවැය දෙවන වර කියවීමේදී අයවැයට පක්ෂව දමිළ ප්‍රගතිශීලි සන්ධානය හැටියට මහජනතාවගේ හා වතුකම්කරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඡන්දය ප්‍රකාශ කළ බවත් වත්මන් රජය පොරොන්දු වූ පරිද්දෙන් පඩි වැඩි කිරීම සිදු නොවුන කල ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කම්කරු ජනතා පෙරමුනේ නායක සහ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක වේළුසාමී රාධාක්‍රිෂ්ණන් මහතා නුවරඑළියේදී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ (15) නුවරඑළිය සිය කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

වැඩිදුර අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය.

රජය ගෙන එන හොඳ වැඩපිළිවල් වලට අපි සහයෝගය ලබා දෙනවා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව.

වතුකම්කරු ජනතාවට ජයග්‍රහණයක් ලෙස රුපියල් හාරසීයක පඩි වැඩි කිරීමක් දෙන බව පවසන නිසාවෙන් තමයි අපි දමිළ ප්‍රගතිශීලීත් සන්ධානය 2026 අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නේ.

යම්කිසි හේතුවකින් රජය දුන් පොරොන්දුව ඉටු නොකිරීමට කටයුතු කරනවානම් එවිටද දමිල ප්‍රගතිශීලී සන්ධානය රජයට විරුද්ධව කටයුතු කරනවා කියන එකේ කිසිදු සැකයක් තියාගන්න එපා.

අයවැයට පක්ෂව ඡන්දය දුන්නා කියලා රජයට පනින්න කිසිම ලෑස්තියක් අපි ළඟ නැහැ.

මහජනතාව දිගින් දිගටම පොල්ගහන්නේ අපිටට නෙමෙයි එම යෝජනාවට විරුද්ධ වූ අයට විතරයි.

අපි මහජනතාව වෙනුවෙන් රජය කියන ඕනෑම හොඳ යෝජනාවකට කවදත් විරුද්ධ වෙන්නේ නැහැ.

අපි හැමදාම හිට ගන්නෙ මහ ජනතාවට යහපතකක් කරන තැන ආමණයි ,

අයවැයට පක්ෂව ඡන්දය දුන්නා කියලා සමගි ජන බලවේගයත් එක්ක කිසිදු තරහක් නෑ අපි දේශපාලන ඉදිරි ගමන යන්නේ සමගි ජන බලවේගය එක්ක කියන එකත් කිසිදු සැකයක් තියාගන්න එපා .

ආර්.එෆ්.එම්.සුහෙල් 

Previous Post Next Post