රජයෙන් වැඩි කල වැටුපට විරුද්ධ අයට දේවසාපය ඉල්ලා වතු කම්කරුවන් කෝවිල්වල පොල් ගසති....


රංජිත් රාජපක්ෂ               

වසර ගණනාවකට පසු තමන්ට රජයෙන් වැඩි කල රු.200 වැටුපට විරුද්ධය කටයුතු කරන පාර්ෂවයන්ට දේව සාපය ලබා දෙන ලෙස පවසමින් නුවරඑලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් (13) දින කෝවිල්වල පූජා පවත්වමින් පොල් ගසනු ලැබුහ.

පොල් ගැසීමට කෝවිලට එක් වූ වතු කම්කරුවන් කියා සිටියේ රට පාලනය කල කිසිදු දේශපාලඥයෙකු වතුකරයේ ජනතාව පිලිබදව අවධානය යොමු කලේ මැතිවරණ කාලයේ පමණක් බවත්, වත්මන් රජය වතුකම්කරුවන්ගේ ජීවන් තත්වය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක එයට විරුද්ධවන පාර්ෂවයන්ට එරෙහිව තමන් කොවිල් වලට පැමිණ පූජා පවත්වා පොල් ගැසූ බවයි.

Previous Post Next Post