ඉමියුනොග්ලොබීන් බාල ඖෂධ වංචාවට අමතරව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රමුක්කැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන යන සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පාලන කාලවලදී සිදුවී ඇති බවට විගණනය මගින් දිගින් දිගටම පෙන්වා දෙන දූෂණා වංචා අක්‍රමිකතා සම්බන්ධයෙන් සාක්ෂි සහිතව ප්‍රමාණවත් පැමිණිලි අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කොට ඇතත් අදාළ විමර්ශන සිදු වීමේ කාර්යක්ෂමතාව ගැන සෑහීමට පත්විය නොහැකි බව වෛද්‍ය හා සිවිල් ඓක්‍ය වාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ යේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරයි.
අදාළ කාල සීමාවන්වලදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහළ නිලතල දරන වෛද්‍යවරුන් හා නිලධාරී වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ ආශ්‍රිත රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ඉහළ නිලතල දැරීම නිසා මෙම විමර්ශන ප්‍රමාදයන් සිදුවන බවට සැකයක් ඉස්මතු වන බවත්, ඉහළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව විමර්ශන සිදුකිරීම හරහා එම නිලධාරීන් රාජ්‍ය සේවය කඩාකප්පල් කිරීමට කටයුතු කරාවියයි යන බිය මත මේ අන්දමට විමර්ශන සිදුවීමේ ප්‍රමාදය කණගාටුවට කරුණක් බවද ඔහු පෙන්වා දෙයි.
මීට පෙර හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී සිදු වූ දූෂණ සම්බන්ධයෙන් ද කරුණු අනාවරණයේදී අමාත්‍යාංශ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් සහයෝගයක් ලබා නොදුන්නත් බවද ඔහු පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සැපයුම් ඒකකය රාජ්‍ය ඖෂධ සංස්ථාව ඖෂධ නියාමනාධිකාරිය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යන ආයතන වල ඉහත අමාත්‍යවරුන්ගේ පාලන කාලවලදී සිදුවී ඇති ගණනය කළ නොහැකි මූල්‍ය අලාභයන් සම්බන්ධව විගණකාධිපතිවරයා පසුගියදා පෙන්වා දුන්නේය.
මේ අන්දමට නීතිය ක්‍රියාත්මක කිරීමේදී තෝරා ගත් දේශපාලන විමර්ශන පමණක් සිදුකොට පොදුවේ රාජ්‍ය සේවයේ දූෂණ වංචාවලට සම්බන්ධ ඉහළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පවතින ප්‍රමාදයන් රජයට අනර්ථයක් විය හැකි බවද ඔහු වැඩිදුරටත් පවසයි.
අදාල පැමිණිලි සම්බන්ධයෙන් දැනටමත් අවස්ථා කීපයකදීම තමන් ප්‍රකාශ ලබා දී ඇතත් ඉන් ඉදිරියට විමර්ශන සිදු නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු සඳහන් කරයි.
