රට දියුණු කිරීමට අවශ්‍ය සියලු උපාය මාර්ගික ක්‍රියා මාර්ග ගෙන අවසන් බව සභානායක ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
2026 අයවැය යෝජනාව පිළිබඳ විවාදයේ ඇමැතිවරයා මේ බව කීය.
'අද විපක්ෂයේ බොහෝ පිරිස් එකට එකතුවෙලා. ඒ හිටපු යන පිරිසයි. අද විපක්ෂය හත්පොළේ ගාගෙන තියෙන්නේ.
අපි හැම දෙයක්ම ඉලක්කයට සැලැස්මකට අනුව කරලා තියෙන්නේ.
අපි බදු පදනම පුළුල් කළා. ඩිජිටල් කරණයේ අපි අවුරුදු 25ක් පිටුපසින් ඉන්නේ. අපේ සැලසුම් අනුව ඩිජිටල්කරණය ඇරැඹුවා. දැන් කුඩා ජයග්‍රහණ ලබමින් ඉන්නවා.
අල ලූනු ප්‍රශ්නය විසඳමින් යනවා. තැන් තැන්වල කුඩා ප්‍රශ්න පවතිනවා. රට දියුණු කිරීමට අවශ්‍ය සියලු උපාය මාර්ගික ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. ඒ නිසා තමයි අන්තර්ජාතිකව අගය කිරීමක් පවතින්නේ.
