තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් එම පක්ෂය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා චෝදනා කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කර ඇති ඒ මහතා මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
ස්වාමීන් වහන්ස , පූජක තුමනි , හිතවතුනි ,
ගතවූ වසරක කාලයේදී ජ.වි.පෙ. අභ්‍යන්තරයේ ව්‍යාජය , බොරුව , ප්රජාතන්ත්රවිරෝධී භාවිතාව , සහ ව්‍යාජ සදාචාරය ගැන ඉතා විවෘතව කරුණු හෙළිකල , හෙළිකරන , වරුණ දීප්ති රාජපක්ෂ , ප්‍රියන්ජිත් විතාරණ ( රටේ රාල ) සහ මා "ජ.වි.පෙ. ඝාතන කණ්ඩායම" සහ එහි සහයක කණ්ඩායම් යොදවා ඝාතනය කිරීම සඳහා මේ දිනවල අප පසුපස හබා එමින් සිටී.
එහි නියැලෙන සියලු පුද්ගලයන් සහ ඝාතන උපක්‍රම පිළිබඳ තොරතුරු අප සතුය .
එම ජ.වි.පෙ. ඝාතන කණ්ඩායම පෞද්ගලිකවම මෙහෙයවන්නේ ටිල්වින් සිල්වාය.
දැනට තෝරා ඇති , ඔවුන්ගේ ප්‍රධානම ඝාතන උපක්‍රමය වන්නේ මහ මගදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර , එය පෞද්ගලික ආරවුලකින් සිදුවූවක් ලෙස , මාලිමා පොලීසිය යොදවා තහවුරු කිරීමයි .
අනෙක් ක්‍රම ලෙස , ස්වභාවික මරණයක් ලෙස පෙනෙන ලෙස ඝාතනය කිරීමේ උපක්‍රම ගණනාවක් තෝරා ඇත.
උදාහරණ ලෙස , වසපෙවීමට සැලැස්වීම , ගමන් කරන වාහනය බරපතළ අනතුරකට ලක්කිරීම , පාතාලය සමග පෞද්ගලික ගැටුමක් ඇතිවූ සේ පෙන්වීම , උග්‍ර විෂ සහිත සර්පයකු අවුස්සා නින්දේදී ශරීරයට දැමීම ආදී උපක්‍රම රාශියක් තෝරා ඇත.
පාතාල ගැටුමක් සේ හැඟවෙන සේ වෙඩි තබා ඝාතනය කිරීම ද තවත් ක්රමයකි.
පොලීසියද , හමුදාවද , අධිකරණය ද , විශ්‍රාමික හමුදා , පොලිස් සෙබළුන්ද , පාතාල ගෝලයන් ද , ජ.වි.පෙ. ඝාතක කණ්ඩායමද මෙහිලා උපයෝගී කරගැනීමට ඔවුන් කල්පනා කරති.
සමස්ථ රාජ්‍ය බලය තවමත් ඔවුනට අවනත නිසා , අප ඉතා නරක ලෙසටම අනාරක්ෂිත තත්වයක සිටිමු .
අප ඉල්ලා සිටින්නේ පළමුව ඔබ මෙහි සාක්ෂිකරුවන් වන ලෙස හා දෙවනුව මේ ප්රජාතන්ත්ර විරෝධී මෙන්ම මිනීමරු භාවිතාවන් පරාජය කිරීමට ඔබට හැකිපමණින් ක්‍රියාකරන ලෙසයි.
අප පසුබැසනැත , පසුබසින්නේද නැත ...!!!
අප හැම එක්ව " පැරණි දූෂිතයන්ගෙන් " මෙන්ම " නව දූෂිත , මාලිමා පැසිස්ට් ගමණින් රට ගලවාගණිමු..!!!
ඒ සඳහා ඔබ සියලු දෙනාට ධෛයය , ශක්තිය පතමු.
ජයවේවා ..!!!
- නන්දන ගුණතිලක
21.11.2025

බෞද්දයොන්ව සහ මේ රටේ සින්හල බෞද්ද සන්නාමය නෑතිකරන්න ඩොලර් ඩිනාර් ජෙප්පොන්ගේ පෑලවත්ත ගිනුමට එනකොට ....සහ අන්තවාදී කොතෝලික ක්‍රියාකාරිකයෙකු වන බුද්ද සාසන ඈමති මේවා කරනකොට නිශ්ශබ්දව ඉන්න සින්හල බෞද්ද උන්ට කවදද ඈස් ඈරෙන්නේ .
ReplyDeleteඇස් අරවන්න හදන කොට ලාල්කාන්තටත්, වරුණටත් මොකද වෙවිලිල්ල හැදිල?
Delete