මේ අයවැය රන් ආකරයක්.. හාරන්න හාරන්න රන් මතුවෙනවා..


මෙවර ඉදිරිපත් කර ඇති අයවැය රන් ආකාරයක් වැනි එකක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද ලලිත් කුමාර මහතා සඳහන් කරයි.

රටට ඉතාම අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බවද හෙතෙම පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමින් පැවසීය.

"මේ අයවැය ප්‍රකාශය, හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ. රටට ඒ තරම් වටිනා දෙයක් මේකෙ තියෙනවා.

පැය හතර හමාරක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. එතුමා ඒක හිටගෙන කියවද්දී අපිට පැය හතර හමාරක් ඉඳගෙන ඉඳලා මහන්සි හිතුණා”


Previous Post Next Post