සමුපකාර අතුරු ව්‍යවස්ථාව හා ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන් වැලිවිටිය දිවිතුර සමුපකාර සමිතියේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් අහෝසි කර ඇත.
මෙසේ තනතුරු අහෝසි කර ඇත්තේ වසන්ත රංජිත් (සභාපති) වමින්ද දර්ශන (උප සභාපති) හා සුනිල් ගුරුසිංහ, ගුණසේන වෙල්ලපිලි, එම්.එච්.අමරදාස, නිහාල් වීරසිංහ, කාලිංග රංජිත් යන අධ්‍යක්ෂවරුන්ගේය.
මෙම සමිතියේ නව සභාපතිවරයා ලෙස සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජේ. රංජිත් පත් කර ඇති අතර අධ්‍යක්ෂවරුන් ලෙස එම දෙපාර්තමේන්තුවේ එරන්ද උබේශික හා ආසිරි අබේවික්‍රම යන මහත්වරුන් පත් කර ඇත.
