ත්‍රිකුණාමල සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමි පරිශ්‍රයේ ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු නොකළ බව සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වෙරල සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම පන්සලට අයත් භූමියේ ඇති අනවසර හෝටලයක් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරතුර මෙම උණුසුම් තත්ත්වය ඇති වූ බවය.
එවන් ඉදිකිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් අදාළ ක්‍රමවේද ඔස්සේ අවසර ලබා ගැනීමට හැකියාව ඇති බවද එම ක්‍රමවේද යටතේ ඉදිකිරීම ආරම්භ කළේ නම් මෙවන් ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවීමට ඉඩ තිබූ බවත් දෙපාර්තමේන්තුව කියා සිටී.
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනතාවරයා සඳහන් කළේ අදාළ භූමිය පන්සලට අයත් නමුත් භූමිය ඉදිකර ඇති නීති විරෝධී හෝටලයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආසන්න කාලය තුළ කටයුතු කරමින් සිටින බවය.
පන්සලත් සමග කිසිදු ප්‍රශ්නයක් නැති බවත් එම ඉඩමේ පිහිටි අවන්හලක් නීති විරෝධී එකක් බවත් හෙතෙම කියා සිටී.
අනවසර ඉදිකිරීමක් කඩා ඉවත් කිරීම අවශ්‍ය නියෝගයක් ලබා ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
