පන්සල නොවෙයි හෝටලයක් ගලවන්නයි ගියේ..- වෙරල සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව

 


ත්‍රිකුණාමල සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමි පරිශ්‍රයේ ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු නොකළ බව සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වෙරල සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම පන්සලට අයත් භූමියේ ඇති අනවසර හෝටලයක් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරතුර මෙම උණුසුම් තත්ත්වය ඇති වූ බවය.

එවන් ඉදිකිරීමක් සිදුකිරීමට අවශ්‍ය නම් අදාළ ක්‍රමවේද ඔස්සේ අවසර ලබා ගැනීමට හැකියාව ඇති බවද එම ක්‍රමවේද යටතේ ඉදිකිරීම ආරම්භ කළේ නම් මෙවන් ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවීමට ඉඩ තිබූ බවත් දෙපාර්තමේන්තුව කියා සිටී.

දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනතාවරයා සඳහන් කළේ අදාළ භූමිය පන්සලට අයත් නමුත් භූමිය ඉදිකර ඇති නීති විරෝධී හෝටලයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආසන්න කාලය තුළ කටයුතු කරමින් සිටින බවය.

පන්සලත් සමග කිසිදු ප්‍රශ්නයක් නැති බවත් එම ඉඩමේ පිහිටි අවන්හලක් නීති විරෝධී එකක් බවත් හෙතෙම කියා සිටී.

අනවසර ඉදිකිරීමක් කඩා ඉවත් කිරීම අවශ්‍ය නියෝගයක් ලබා ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.


7 Comments

  1. අද හොදන්නේ මොන සබන් වලින්ද කියලා දන දැනගන්න

    ReplyDelete
  2. අද හෝදන්නේ මොන සබන්වලින්ද ගොබ්බ මාලිමා සෙට් ඵක?

    ReplyDelete
  3. ethakota hotale thibuna budupilimeda policiyen arangiye

    ReplyDelete
  4. හෝටලයේ අයිතිය කාටද? පන්සලටද,?

    ReplyDelete
    Replies
    1. @ Lalla ඩෝබියෝ,පන්සලට අයිතියි.තොට රිදෙනවාද ඒකට.මොකද පන්සලකට ආදායමක් උපදවා ගන්න බැරිද ඒ දෙමළ ගමේ?අනුරයා කතෝලික ප්‍රෙමිෂ්කා ගෑණි පැත්තට දාලා හොඳද? හරිනි තම්බි ගෑණියෙක් එක්ක සමලිංගික හොඳද?

      Delete
  5. මේ නීච මාලිමා ආණ්ඩුව දුෂණය අඩුකරනවා ඇත්ත වෙන්න පුලුවන් හොර වංචා කුඩුකාරයෝ අල්ලනවා ඇත්ත වෙන්න පුලුවන්.හැබැයි මුං කරන්න යන්නේ දුෂණය හොර වංචා කුඩුකාරයෝ නැති ක්‍රිස්තියානි රටක් හදන එකයි. මුස්ලිම් රටක් හදන එකයි ප්‍රෙමිලා බෙනතිලාගේ සුරතලා අනුරයා වුනාම මේවත් පුදුමද?නැගිටින්න ස්වාමින් වහන්ස නැගිටින්න මුංට ගෝටා හිටිය කාලයක්වත් ඉන්න හම්බවන්නේ නැහැ අපි නිහඬ 70% බෞද්ධයෝ නැගිට්ටාම.

    ReplyDelete
  6. හෝටලේ ගලවන්න ගිහින් පිළිමේ ගැලෙව්වා.. එහෙමද? දැන් අපි රැවටෙන්න ඕනද?

    ReplyDelete
Previous Post Next Post